ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායමට එන්න – බෙන් ස්ටෝක්ස්ට එංගලන්තයෙන් ඇරයුමක්

මේ වනවිට එක්දිත තරග ආකෘතියෙන් විශ්‍රාම ගෙන සිටින එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට යළිත් එංගලන්ත එක්දින කණ්ඩායම වෙනුවෙන් එක්වන ලෙස ඇරයුම් ලැබී තිබෙනවා.

එළඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් යළිත් වරක් තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා එක්වන ලෙසයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය බෙන් ස්ටෝක්ස්ට පවසා ඇත්තේ.

කෙසේ වෙතත් එම ඇරයුම සම්බන්ධයෙන් බෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

එංගලන්තය, බෙන් ස්ටෝක්ස් විශේෂඥ පිතිකරුවෙකු ලෙස ලෝක කුසලානයේ දී කණ්ඩායමට එක්කර ගැනීම සැලසුම වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දියාවේ දී ආරම්භවන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් එංගලන්ත මූලික සංචිතය ලබන අඟහරුවාදා තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.

බෙන් ස්ටෝක්ස් 2022 වසරේ ජූලි මාසයේ දී එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අතර, එතැන් සිට අවධානය යොමු කළේ ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟ ආකෘති සඳහා පමණයි.

ආකෘති තුනම ක්‍රීඩා කිරීම තමාට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව පවසමින් ඔහු එක්දිත තරග ආකෘතියෙන් විශ්‍රාම ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39