ලෝක කුසලානය ජයගන්න දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන්ට 159ක ඉලක්කයක්

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 158ක් රැස් කළා.

එහිදී නවසීලන්ත ඉනිම වෙනුවෙන් ඇමීලියා කර් ලකුණු 43ක් සහ බෲක් හැලිඩේ ලකුණු 38ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී නොන්කුලුලෙකො මලබා නවසීලන්ත ඉනිමේ කඩුලු දෙකක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව මෙවර කාන්තා 20-20 ලෝක කුසලානය ජයගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 159ක ඉලක්කයක් හිමිව තිබෙනවා.