spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලානය ජයගන්න ඕස්ට්‍රේලියාවෙන් දකුණු අප්‍රිකාවට අභියෝගාත්මක ඉලක්කයක්

2023 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 156ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ,අනුව ජයග්‍රහණය වෙනුවෙන් සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්ස තුළ හිමිව ඇති ඉලක්කය ලකුණු 157ක්.

ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් අඟනා ඉනිමක් ක්‍රීඩා කළ බෙත් මූනි නොදැවී ලකුණු 74ක් රැස්කළා.

පන්දු යැවීමේ දී මරිසාන් කප් සහ ෂබ්නිම් ඉස්මයිල් ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 02ක බැඟින් බිඳ දැමීමට සමත් වුණා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 05 කින් පරාජය කරමින් ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ, තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටි ප්‍රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 06 කින් පරාජය කරමින්.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුකම් ලැබූ පළමු අවස්ථාව ද මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?