ලෝක කුසලානය ජයගන්න ඕස්ට්‍රේලියාවෙන් දකුණු අප්‍රිකාවට අභියෝගාත්මක ඉලක්කයක්

2023 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 156ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ,අනුව ජයග්‍රහණය වෙනුවෙන් සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්ස තුළ හිමිව ඇති ඉලක්කය ලකුණු 157ක්.

ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් අඟනා ඉනිමක් ක්‍රීඩා කළ බෙත් මූනි නොදැවී ලකුණු 74ක් රැස්කළා.

පන්දු යැවීමේ දී මරිසාන් කප් සහ ෂබ්නිම් ඉස්මයිල් ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 02ක බැඟින් බිඳ දැමීමට සමත් වුණා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 05 කින් පරාජය කරමින් ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ, තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටි ප්‍රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 06 කින් පරාජය කරමින්.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුකම් ලැබූ පළමු අවස්ථාව ද මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03