ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉදිරි ගමන තීරණයවන තීරණාත්මක තරගයක් අද

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වන තීරණාත්මක තරගයක් අද (10) පැවැත්වෙනවා.

බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර මෙම තරගය පැවැත්වෙන්නේ නිව්යෝර්ක් හි නසාවූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

මෙම කණ්ඩායම් දෙක තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග වදින අතර, දකුණු අප්‍රිකාව තමන් සහභාගී වූ පළමු තරග දෙකම ජයගෙන එහි ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථානයේ රැඳී සිටිනවා.

බංග්ලාදේශය තවමත් තරගාවලියේ සහභාගී වී ඇත්තේ එක් තරගයකට පමණක් වන අතර, ශ්‍රී ලංකාව සමඟ පැවති එම තරගය ජයගැනීමට ඔවුන් සමත් වුණා.

මේ අතර අද පැවැත්වෙන තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි 08 වටයට යන ගමනේ ඉදිරිය තීරණය වනවා.

අද තරගය දකුණු අප්‍රිකාව ජයගත හොත් සුපිරි 08 දෙනාගේ තරග වටයට යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු තබාගත හැකි අතර, බංග්ලාදේශය මෙම තරගයේ ජය හිමිකර ගතහොත් එම බලාපොරොත්තුව බොඳ වී යනවා.

මේ අතර ශ්‍රී ලංකා සමඟ පැවති තරගයෙන් පසු බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කළේ ලෝක කුසලානයේ ආරම්භක තරඟයේදී තම කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ සැලසුම්වල සහ තීරණ තීරණ ගත් ආකාරය ගැන සතුටට පත්වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50