ලෝක කුසලානයට එන රටවල් තුනක් විශේෂ ඉල්ලීමක් කරමින් ICCයට ලිපි යවයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන රටවල් තුනක් ඔවුන්ගේ ලෝක කුසලාන තරග කාලසටහනේ වෙනසක් සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපි යොමුකර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පවසනවා.

නවදිල්ලියේ දී ඊයේ (27) පැවති රැස්වීමකින් පසු ලේකම්වරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර ඔක්තෝම්බර් 15 වනදා පැවැත්වීමට නියමිත ඇති ඉන්දු – පාකිස්ථාන තරගය වෙනත් දිනක දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එම දිනය කවදා ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නැහැ.

අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, තරගය පැවැත්වෙන ඔක්තෝම්බර් 15 වනදා එම ප්‍රාන්තයේ සමරනු ලබන නවරාත්‍රී උත්සවය යෙදී තිබීම ඉන්දියා – පකිස්ථාන තරගයේ දිනය වෙනස් කිරීමට හේතු වී තිබෙනවා.

එදිනට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ද ඉන්දීය ආරක්ෂක අංශ විසින් කළ ඉල්ලීමකට අනුවයි එම තරගය පැවැත්වෙන දිනය වෙනස් කිරීමට තීරණය කළ ඇත්තේ.

ඒ, අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාණිජ හවුල්කරුවන්, විකුණුම්කරුවන් සහ හෝටල් කාමර කලින් වෙන්කරවා ගෙන ඇති ක්‍රිකට් ලෝලීන්ගේ සැලසුම්වලට විශාල බාධාවක් නොවන පරිදි තරගය බොහෝ දුරට ඔක්තෝබර් 14 වනදා පැවැත්වීමට උත්සාහ කරමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉහළ ධාරිතාවකින් යුත් ක්‍රීඩාංගණවල විද්‍යුත් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම්කර ඇති බව සඳහන්.

තරග පැවැත්වෙන දිනයේ ප්‍රේක්ෂකයින්ට දිගු පෝලිම්වල රැඳී සිටීමේ දුෂ්කරතාව මඟ හරවා ගැනීමට විශේෂ සැලසුමක් ද සකස්කර ඇති බව ද වාර්තා වනවා.

තරගාවලියේ නැවත සකස් කළ කාලසටහනට නිකුත් වූ වහාම ප්‍රවේශපත් අලෙවිය ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56