ලෝක ආහාර දිනය අදයි

ලෝක ආහාර දිනය (World Food Day) අද (16) දිනයට යෙදී තිබෙනවා.

1945 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම අනුස්මරණය කිරීම සඳහා සෑම වසරකම ඔක්තෝබර් මස 16 වන දින ලෝක ආහාර දිනය වශයෙන් නම් කරනු ලැබුවා.

කුසගින්න සහ මන්ද පෝෂණයෙන් තොර ලොවක් ගොඩනැගීමේ දී ජයග්‍රහණය කළ යුතු අභියෝග පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමේ අවස්ථාවක් ලෙස ලෝක ආහාර දිනය යොදා ගනු ලබනවා.

“කිසිවකු අත් නොහරින්න” මෙවර ලෝක ආහාර දින තේමාවයි.

COVID-19 වසංගතය, දේශගුණික විපර්යාස, ඉහළ යන ජීවන වියදම සහ ජාත්‍යන්තර ආතතීන් ඇතුළු බහු ගෝලීය අභියෝග සහිත වසරක් වන 2022 වසරේදී ලෝක ආහාර දිනය සලකුණු කෙරෙන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

ආහාර හිඟය, අධික ජීවන වියදම, ආර්ථික අර්බුද ඇතුළු ගැටළු රැසක් හමුවේ වුව ද ශ්‍රී ලංකාවත් ලෝක ආහාර දිනය සමරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46