spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක ආහාර දිනය අදයි

ලෝක ආහාර දිනය (World Food Day) අද (16) දිනයට යෙදී තිබෙනවා.

1945 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම අනුස්මරණය කිරීම සඳහා සෑම වසරකම ඔක්තෝබර් මස 16 වන දින ලෝක ආහාර දිනය වශයෙන් නම් කරනු ලැබුවා.

කුසගින්න සහ මන්ද පෝෂණයෙන් තොර ලොවක් ගොඩනැගීමේ දී ජයග්‍රහණය කළ යුතු අභියෝග පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමේ අවස්ථාවක් ලෙස ලෝක ආහාර දිනය යොදා ගනු ලබනවා.

“කිසිවකු අත් නොහරින්න” මෙවර ලෝක ආහාර දින තේමාවයි.

COVID-19 වසංගතය, දේශගුණික විපර්යාස, ඉහළ යන ජීවන වියදම සහ ජාත්‍යන්තර ආතතීන් ඇතුළු බහු ගෝලීය අභියෝග සහිත වසරක් වන 2022 වසරේදී ලෝක ආහාර දිනය සලකුණු කෙරෙන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

ආහාර හිඟය, අධික ජීවන වියදම, ආර්ථික අර්බුද ඇතුළු ගැටළු රැසක් හමුවේ වුව ද ශ්‍රී ලංකාවත් ලෝක ආහාර දිනය සමරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?