ලෝකෙම කතා කරන ඊශ්‍රාලයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ගැන, පුදුම හිතෙන රහසක් එළියට

පලස්තීනය හා ඊශ්‍රාලය අතර වන බිහිසුණු ගැටුමට මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

එම අතිශය අමානුෂික ගැටුමින් ජීවිත ගණනක් කොරෝනා මැද අවසන් ගමන් යද්දී මිසයිල විනාශ කරන ඊශ්‍රාලයේ ආරක්ෂණ පද්ධතිය ගැන හැමෝම හොයන්න බලන්න පටන් ගත්තා.

මේ එරට Iron Dome ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන මුහුණූ පොතේ පළවූ සටහනක්. (සටහනේ මුල් අයිතිකරුට ස්තුතිය!)


Iron Dome ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය මෙම පද්ධතිය මූලික වශයෙන්ම ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. එහි පළමුවැන්න වන්නේ නිරීක්ෂණ උපාංගයයි මේ ආරක්ෂණ පද්ධතියේ වඩාත් වැදගත්ම කොටසක් විදිහට මෙය හදුන්වන්න පුළුවන්. එහිදී රේඩාර් යොදගානින් සතුරන් එල්ලකරන ප්‍රහාර නිවැරදිව හඳුනාගන්න මෙයට හැකියාව තියෙනවා. එමගින් සතුරන් එල්ල කරන රොකට් ප්‍රහාරයේ ගමන්මාර්ගය සහ එහි ඉලක්කය හඳුනාගන්න හැකියව තිබෙනවා. දෙවැන්න වන්නේ ජංගම පාලක මැදිරියයි. මෙමගින් සිදුකරන්නේ ඉහත කියපු රෝඩාර් පද්ධිතයයෙන් ලබාගත්ත තොරතුරු පද්ධතිය පාලනය කරන්නන්ට ලබාදීමයි. එහිදී ස්වයංක්‍රීයව ප්‍රහාර එල්ල කිරීම සිදුවෙනවා. මෙම ක්‍රියවලිය නිරීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයන් සිටින අතර අවශ්‍ය ඕනෑම මොහොතක මෙම ස්වයංක්‍රීය පහර දීමට පාලනය කිරීමට ඔවුන්ට හැකියාව තියෙනවා.
තුන්වැන්න වන්නේ ප්‍රහාරක ඒකකයයයි. රේඩාර් පද්ධතියෙන් දෙන දත්ත මත පාලක මැදිරියෙන් ලබාදෙන තොරතුරු සහ උපදෙස් අනුව සතුරු ප්‍රහාර නිෂ්ක්‍රීකරන්නේ මෙගිනුයි. මේ පද්ධති තුනම එකට එක්වීමෙනුයි මේ ආරක්ෂණ පද්ධිතය ක්‍රියාත්මක වීම සිද්ධවෙන්නේ.
මෙහි රේඩාර් පද්ධතිය ඊශ්‍රායල අවි නිෂ්පාදන සමාගමක් වන Elta විසින් නිපදවා ඇත. Iron Dome ආරක්ෂණ පද්ධතියේ පාලන පද්ධතිය ඊශ්‍රායල මෘදුකාංග සමාගක් වෙන mPrest Systems විසින් නිපදවා ඇත. මෙම රේඩාර් පද්ධිතය මගින් ගුවන නිරීක්ෂණ්‍ය කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම දියුණු කැමරා පද්ධතියකින්ද මෙය සමන්විතයි. (Real Time image generation, sky-scan and zooming) මෙමගින් කිලෝමීටර් 70ක ප්‍රදේශය තුලදී එල්ලවන සතුරු ප්‍රහාරයක් හඳුනාගැනීමට හැකියාව තිබෙනවා.
Iron Dome ආරක්ෂණ පද්ධතිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම යොදාගන්නේ Tamir මිසයිලයි. එවා ඉතා පහසුවෙන් ඕනෑම දිශාවකට යොමු කිරීමට හැකිවෙන ලෙස සැකසී ඇත.
Iron Dome ආරක්ෂණ පද්ධතියේ තවත් විශේෂත්වයක් වෙන්නේ යම් සතුරු රොකට් ප්‍රහාරයක් ඉලක්ක කරගත් පසු එහි ගමන් මාර්ග සම්පූර්ණයෙන් නිරීක්ෂණය කිරීමට සිදුකිරීමට හැකි වීමයි. ඒ අනුව රේඩාර් මගින් ලබාදෙන දත්ත ඔස්සේ රොකට්ටුව පතිත වන ස්ථානය කල්තියාම හඳුනා ගැනීමට හැකියාවද ලැබෙනවා.
එහිදී සතුරු රොකට් ප්‍රහාරයෙන් තර්ජනයක් සිදුවෙනවා නම් එසේත් නැත්තම් කිසිවෙකුට හානියක් සිදුවෙනවා නම් ප්‍රති ප්‍රහාරක මිසයිල නිකුත් වීම සංඥාවක් නිකුත් වෙනවා. එමගින් සතුරු රොකට්ටුව පතිත වීමට පෙර ගුවනේදීම විනාශ කිරීම සිදු කරනවා. එහෙත් රොකට්ටුව හානියන් සිදු නොවන හිස් භූමියකට පතිත වෙනවා නම් එවිට ප්‍රතිප්‍රහාර මිසයිල එල්ල වීමක් සිදුවන්නේ නැහැ.

සටහන – One Law One Country පිටුවෙනි.


ඡායාරූප – අන්තර්ජාලයෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09