ලෝකාන්තය නැරඹීමට එන අයට කේබල් කාර්

පට්ටිපොල සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ ලෝකාන්තය නැරඹීම සඳහා එන සංචාරකයන් වෙනුවෙන්.

අද පෙරවරුවේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.