ලෝකය ජයගත් දිරිය ලක් දියණියගේ කතාව

ඕස්ට්‍රේලියාවේ විශාලතම ආයෝජන බැංකුව වන Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ෂෙමාරා වික්‍රමනායක ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරි බවට පත්ව සිටිනවා. ශ්‍රී ලාංකික සංක්‍රමණික පවුලක දියණියක් වන ෂෙමාරාගේ සතියක වැටුප ඇමෙරිකානු ඩොලර් 31,5000ක් වෙයි.

මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ඩේලි මේල් පුවත් සේවය පවසන්නේ ෂෙමාරාගේ මව්පියන් ඔස්ට්‍රේලියාවට එන විට ඔවුන් සන්තකයේ තිබී ඇත්තේ ඩොලර් 200ක් පමණක් බවයි.

ෂෙමාරා වික්‍රමනායක 2021 දී ඩොලර් මිලියන 16.39 ක් උපයා ඇති බව Macquarie බැංකුව සිය නවතම වාර්තාවෙන් නිවේදනරය කර තිබේ. වසරේ අවසන් මාස තුන තුළ සමාගමට ඩොලර් බිලියන 1.3 ක ලාභයක් ලබා ගැනීමට වික්‍රමනායක මහත්මිය සමාගමට නායකත්වය දී තිබේ.

2019 දී ඇය ඕස්ට්‍රේලියාවේ ඉහළම ආදායම් ලබන ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වූ පළමු කාන්තාව විය.

ඇය 1970 ගණන්වල සිය පවුල සමඟ වයස අවුරුදු 14 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අතර ඇය කෙටි කාලයක් තුළ නීතීඥවරියක් සහ බැංකුකරුවෙකු ලෙස ඉක්මනින් සිය වත්තීය දිවියේ ඉහළට ගොස් තිබේ.

ඇයගේ පියා වන රංජි මහතා 2018 දී Australian Financial Review වෙත පවසා ඇත්තේ තමන් ශ්‍රී ලංකාවේ හැදී වැඩී වරප්‍රසාද සහිත ජීවිතයක් භුක්ති විදි බවයි. කෙසේ වෙතත් 1975 දී ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට පෙර තමන් ඇතුළු පවුල දුෂ්කර කාලවලට මුහුණ දුන් බවද ඔහු පවසයි.

රංජි මහතා 1958 දී වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ඇති අතර එම වසරේම වැඩිදුර පුහුණුව සඳහා ඔහුගේ බිරිඳ අමරා සමඟ ලන්ඩනයට ගොස් තිබේ. තරුණ යුවළ එංගලන්තයේ පදිංචි වී ඇති අතර ඔවුන්ට 1960 දී රොෂානා සහ ඊළඟ වසරේ ෂෙමාරා යනුවෙන් දියණියන් දෙදෙනෙක් ඉපිද තිබේ.

1975 දී රංජි තම පවුලේ අනාගතය පිළිබඳව තීරණය කරමින් සිඩ්නි වෙත යන අතර එහිදී ඔහුට රාජකීය ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහලේ අර්ධකාලීන රැකියාවක් ලබා දෙන ලදී. ඒ වන විට ඔවුන් සන්තකයේ තිබී ඇත්තේ දේපළ සහ ඩොලර් 200 ක මුදල් පමණි.

‘1970දී අපිට හැමදේම නැතිවෙලා ආයෙත් ජීවිතය පටන් ගත්තා. ඒ වගේම අපි සිඩ්නිවලට ගියාට පස්සේ අපි හැම දෙයක්ම නැවත ආරම්භ කළා.’ යැයි රංජි මහතා පවසයි.

මුලින්ම මාස හයකට කුලියට ගත් නිවසක ජීවත් වූ රංජි ඇතුළු පවුල පසුව සිඩ්නි හි නිවසක් මිලදී ගෙන තිබේ.

ෂෙමාරාගේ වැඩිමහල් සොහොයුරිය රොෂානා නිව් සවුත් වෙල්ස්හි නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති නීතීඥවරියක් බවට පත් වූ අතර ඇගේ බාල සොහොයුරා ශල්‍ය වෛද්‍යවරයකු ලෙස බෝරල්හි දකුණු හයිලන්ඩ්ස් පෞද්ගලික රෝහලේ සේවය කරයි.

ඇගේ පවුල ඕස්ට්‍රේලියාවට පැමිණ අඩසියවසකට ආසන්න කාලයකට පසු, ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නිල වශයෙන් නම් කර ඇති අතර එම පදවිය ලබා ගත් පළමු කාන්තා විධායකවරිය ලෙස ඉතිහාසගත විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12