spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයේ වැඩිම කාලයක් කොවිඩ් ආසාධිතව සිටින පුද්ගලයා

මාස 14ක කාලයක් කොවිඩ් වෛරසය ශරීරයේ පැවතියත් දිවි බේරාගැනීමට සමත් වූ ලියුකේමියා රෝගී පුද්ගලයෙක් පිළිබඳව තුර්කියේ ඉස්තාන්බුල් නගරයෙන් වාර්තා වුණි.

මුසාෆර් කෙයෙසාන් නමැති 56 හැවිරිදි මේ පුද්ගලයා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබුණේ 2020 වසරේ නොවැම්බර් මාසයේය.ඒ වන විටත් ලියුකේමියා රෝගයට ගොදුරු වී සිටි ඔහු කොවිඩ් ආසාදිත බවට දැනගත් සැණින් ජීවිතය පිළිබඳ ආශාව අත්හළ බව පසුව මාධ්‍යයට පවසා තිබුණි.

මාස 14ක් තිස්සේ ඔහුට සිදුකරන ලද අඛණ්ඩ පීසීආර් පරීක්ෂණ 78කම සටහන්ව තිබුණේ මුසාෆර් තවදුරටත් වෛරස ආසාදිතයෙකු බවය.ඒ අනුව ලොව වැඩිම කාලයක් කොවිඩ් ආසාදිතව සිටින පුද්ගලයා වන්නේ මුසාෆර් ය.

මාස 9ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු  මාස 5ක සිට සිය නිවසේ හුදකලාව වාසය කරයි.ඉකුත් සතියේ කරන ලද නවතම පීසීආර් පරීක්ෂණ වාර්තාවේ සටහන්වී තිබුණේ ඔහු තවදුරටත් කොවිඩ් වෛරස ආසාදිතයෙකු බවටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?