ලෝකයේ අඩුම තෙල් මිල අනුව ලංකාව 22 වැනියා

ශ්‍රී ලංකාව තුළ පවතින්නේ ඉන්ධන, ඖෂධ, සිමෙන්ති හා යකඩ හිඟයක් නොව විදේශ විනිමය ප්‍රශ්නයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

අද (23දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවැසුවේ ඉන්ධන ආයනය සඳහා මුදල් වෙන්කර ගැනීම අභියෝගයක් බවයි.

” ​​​සඳුදා උදේ ඉදන් ඉන්ධන ගොඩබෑම ආරම්භ කළා. ඩීසල් නැවට මුදල් ගෙව්වා. පෙට්‍රල් නැවක් තියෙනවා. මුදල් ඇමතිතුමා අපට අවශ්‍ය විදේශ විනිමය දෙන්න පොරොන්දු වුණා. අවසන්වරට තෙල් මිල වැඩි කළේ දෙසැම්බර් 20 වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 72ක් වුණා.

ඊයේ රෑ වන විට ඩොලර් 99ක් වුණා. අද දිනයේදී ඩොලර් 100 ඉක්මවා යාවි. දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තියෙන්නේ ලංකාවේ. ඉන්දියාවේ ඩීසල් මිල ලංකාව වගේ දෙගුණයක් වැඩියි.

ලෝකයේ තෙල් මිල අඩුම රටවල් අතරින් ලංකාව ඉන්නේ 22 ස්ථානයේ. අපිට වැඩිය ඉදිරියෙන් ඉන්න රටවල් 21කම තෙල් නිපදවන රටවල්. ලංකාව අපනයනයෙන් ඩොලර් මිලියන 1000ක් හොයන විට තෙල් වලට ඩොලර් මිලියන 500ක් ගෙවන්න වෙනවා. ඉන්ධන ආනයනය සඳහා මුදල් වෙන්කර ගැනීම අභියෝගයක්. මේ අවස්ථාවේදී තෙල් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45