ලෝකයේම කොවිඩ් ආසාධිතයන් ගනන කෝටි 40 ඉක්මවයි

ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද (09) කෝටි 40 ඉක්මවා ගියේය.

ඒ අතර මියගිය කොවිඩ් ආසාදිතයින් ගණන 5,782,786කි.

මේ අතර ඔමික්‍රොන්, ඉන්දියාවේ ප්‍රමුඛතම වෛරස ප්‍රභේදය බවට පත්වී ඇති බව එරට සෞඛ්‍ය ඇමතිවරයා නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් ජනවාරි 21 වැනි දායින් පසු එරට දෛනික ආසාදිතයන් අඛණ්ඩව පහළ බසිමින් ඇතැයිද ඔහු සඳහන් කළේය.

ගෙවුණු දිනයේ ඉන්දියාවෙන් හඳුනාගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 69,441කි.

ඊයේ (08) ලොව වැඩිම දෛනික ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබෙන්නේ ජර්මනියෙනි.

එම සංඛ්‍යාව දෙලක්ෂ දොළොස්දහස ඉක්මවා තිබේ.

මෙවැනි වාතාවරණයක් රට තුළ පවතිද්දි කොවිඩ් පාලන සීමා ලිහිල් කිරීමෙන් නව රැල්ලක් හටගැනීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය ඇමතිවරයා අනතුරු අඟවයි.

ජර්මනියේ ඇතැම් ප්‍රාන්තවල කොවිඩ් පාලන සීමා ලිහිල් කරන ලෙස සිදුකරන ඉල්ලීම් වැඩිවෙමින් ඇති පසුබිමකයි ඔහු මේ ප්‍රකාශය සිදුකළේය.

කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීම ඇතුළු කොවිඩ් පාලන සීමාවලට එරෙහිව නවසීලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ඊයේ විරෝධතාවක් පවත්වා තිබේ.

ට්‍රක් රථවල නලා නාදකරමින් පැවැත්වූ මේ විරෝධතාව කැනඩාවේ කොවිඩ් පාලන සීමාවලට එරෙහි විරෝධතාවට සමාන මුහුණුවරක් ගෙන තිබුණි.

අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් 2022 වසරේ පළමු කතාව ඉදිරිපත් කිරීමට නියමිත පසුබිමක මේ විරෝධතාව පැවැත්වීම විශේෂත්වයකි.

කෙසේ නමුත් විරෝධතාකරුවන් රටේ ජනතාවගෙන් බහුතරය නියෝජනය නොකරන බව අගමැතිනිය ප්‍රකාශ කළේය.

මේ අතර කැනඩාවේ ඔටාවා අගනුවර පැවැත්වෙන විරෝධතා සඳහා එක්වූ පුද්ගලයන් 23 දෙනෙකු, අපරාධ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

විරෝධතාවලින් කැනඩාවේ සැපයුම් ජාලයටත් බාධා එල්ලවී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06