ලොව විශාලතම ජල විදුලි වේල්ල නිසා රටවල් රැසකට බලපෑම්

ටිබෙටයේ ලොව විශාලතම ජල විදුලි වේල්ල ඉදිකිරීමට චීනය අනුමැතිය දී තිබෙනවා.

ඒ, ටිබෙටයේ ජන කොටස් අවතැන් වීම සහ වේල්ලෙන් පහළ කොටස වන ඉන්දියාවේ සහ බංග්ලාදේශයට සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳ කනස්සල්ල ඉහළ නංවමිනි.

යාර්ලන්ග් සංග්පෝ ගඟේ පහළ ප්‍රදේශයේ ඉදිවෙන මෙම වේල්ල මගින් දැනට ලොව විශාලතම ජලවිදුලි බලාගාරය වන ත්‍රී ගොර්ජස් (Three Gorges) වේල්ලට වඩා තුන් ගුණයක බලශක්තියක් උත්පාදනය කළ හැකියි.

කෙසේ වෙතත්, මානව හිමිකම් කණ්ඩායම් සහ විශේෂඥයින්, සංවර්ධනයේ ප්‍රතිවිපාක පිළිබඳ කනස්සල්ල මතු කර තිබෙනවා.

වේල්ල ඉදිකිරීම – 2020 අගභාගයේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද අතර දේශීය ප්‍රජාවන් අවතැන් වීමේ අවදානම මෙන්ම, ටිබෙට් සානුවේ විවිධත්වයෙන් යුත් දේශීය පරිසර පද්ධතිවලට මෙන්ම ස්වාභාවික භූ දර්ශනයට සැලකිය යුතු ලෙස බලපෑමක් එල්ල කිරීමට සහ හානි කිරීමට හැකි වනු ඇතැයි යන බිය ඔවුන් අතර වනවා.

චීනය ටිබෙටයේ වේලි කිහිපයක් ඉදිකර ඇති අතර, 1950 ගණන්වල ටිබෙටය තම පාලනයට ඈඳාගත් දා සිට දැඩි පාලනය යටතේ පවතින කලාපයක සංවේදී ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

ක්‍රියාකාරීන් බීබීසීයට පවසා ඇත්තේ මෙම වේලි ටිබෙටය සහ එහි ජනතාව සූරාකෑමට බීජිං හි තවත් උදාහරණයක් බවයි.

ප්‍රධාන වශයෙන් බෞද්ධ ටිබෙටයේ වසර ගණනාවක් පුරා මර්දන රැල්ලක් දැක ඇති අතර, දහස් ගණනක් ඝාතනය කර ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙම වසර මුලදී, තවත් ජලවිදුලි වේල්ලකට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ටිබෙට් ජාතිකයන් සිය ගණනක් චීන රජය විසින් වටලා තිබුණි. එය අවසන් වූයේ අත්අඩංගුවට ගැනීම් සහ පහරදීම් වලින් වන අතර එහිදී ඇතැම් පුද්ගලයන් බරපතළ තුවාල ලැබූ බව, මූලාශ්‍ර සහ සත්‍යාපනය කරන ලද දර්ශන ඔස්සේ බීබීසීය දැනගත්තා.

ගම් කිහිපයක් අවතැන් කරමින් සහ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති පුරාණ ආරාම යටපත් කරමින් ගින්ග්ටෝ වේල්ල සහ ජල විදුලි බලාගාරය ඉදිකිරීමේ සැලසුම්වලට ඔවුන් විරුද්ධ වී තිබෙනවා.

කෙසේ වෙතත්, බීජිං පැවසුවේ ඔවුන් ප්‍රදේශවාසීන් නැවත ස්ථානගත කර වන්දි ලබා දී ඇති බවත්, පෞරාණික බිතුසිතුවම් ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගිය බවයි.

යාර්ලන්ග් සංග්පෝ වේල්ල සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන බලධාරීන් අවධාරණය කර ඇත්තේ මෙම ව්‍යාපෘතියෙන් විශාල පාරිසරික බලපෑමක් ඇති නොකරන බවයි.

නමුත් එමගින් කොපමණ පිරිසක් අවතැන් වන්නේ දැයි, ඔවුන් සඳහන් කර නැහැ.

ත්‍රී ගෝර්ජස් ජල විදුලි වේල්ල ඉදිකිරීමේ දී මිලියන 1.4 ක ජනතාවක් නැවත පදිංචි කිරීමට අවශ්‍ය වුණා.

ටිබෙටයේ දිගම ගංගාව වන යාර්ලන්ග් සංග්පෝ හි ගලායාම වෙනතකට යොමු කරමින්, දැවැන්ත සංවර්ධනය සඳහා අවම වශයෙන් කිලෝමීටර් 20ක් දිග උමං මාර්ග හතරක් නම්චා බරවා කන්ද හරහා හෑරීමට අවශ්‍ය වනු ඇති බව වාර්තා පෙන්වාදෙනවා.

විශේෂඥයින් සහ නිලධාරීන් කනස්සල්ලට පත්ව සිටින්නේ වේල්ල මගින් චීනයට දේශසීමා හරහා ගලා යන ගංගාව පාලනය හෝ වෙනතකට හැරවීමට හැකි බවයි.

එය ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් සහ ඇසෑම් ප්‍රාන්තවලට ගලා යන අතර අවසානයේ බංග්ලාදේශය දෙසට ගලා යනු ඇති.

ඔස්ට්‍රෙලියාව පදනම් කරගත් විශේෂඥයින් ගෙන් සමන්විත වන ලෝවි ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2020 වාර්තාවක් සඳහන් කළේ, ටිබෙට් සානුවේ මෙම ගංගා පාලනය කිරීම තුළින් චීනයට ඉන්දියාවේ ආර්ථිකයට බාධාවක් එල්ල කිරීමට ඉඩ ලබා දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23