spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොව ප්‍රථම Virtual Mrs World Peace 2021 තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

Singapore වල සංවිධානය කල මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්විනි. මේ සදහා රටවල් 44ක් තරගකාරියන් සහභාගි විය. මේ pageant එක සදහා ලංකාවෙන් නියෝජනය කලේ අවුරුදු 21ක් ලංකාවේ නිරූපිකාවක් ලෙස කටයුතු කරන ක්ශේත්‍රයේ ප්‍රසිද්ධ Louching Wong ගේ නිරූපිකාවක් වන නිලු‍ෂා ෆ්‍රනැන්ඩුයි.

ඇය Louching Wong ගේ අනුග්‍රහයෙන් Mrs Super model 2019 India තරගය සදහාද ලන්කාව නියෝජනය කල අතර එහිදි Mrs best congeniality වීමට සමත්විය. කවදත් නර්තනයට හපන් ඇය Mrs Talent winner ද ලංකාවට හිමිකරදීමට සමත්වුවාය. තවද ඇය සමග කලක් ජැක්ලින් ෆෙර්නෑන්ඩුස් ද ඉන්දියා යෑමට කලින් ක්ශේත්‍රයේ එකට වැඩ කර ඇත.

jaquelin fernandez srilanka

එහිදී ලැබු ජයග්‍රහණය නිසා Singapore වලින් ඇයට නැවතත් කැදවීමක් ලැබුනි. කලින් pageant එකට ඇයට කිසිවෙකුගේන් sponsor සදහා උදව්වක් නොලැබ හැමදේම තනියම කරගන්නට සිදුවූ නිසා ඇය මේ Singapore pageant ආරාධනාව ප්‍රතික්ෂේප කලද එ් අවස්ථාවේ එරටින් ආ බලවත් ඉල්ලීම හමුවේ ඇය අවසානයේ තම කැමැත්ත පලකරන්නේ කෙසේ හෝ Talent එක දීනාගැනිම සදහායි. අවසානයේ ඇය ඉදිරිපත් කල නර්තනය සදහා ඇය ගින්දර භාවිතා කරමින් අති විශීශ්ට නර්තනයක් රගදැක්වූවාය. එය ඇය හට උගන්වනු ලැබුවේ ක්ශේත්‍රයේ ප්‍රසිද්ධ sri Jee නොහොත් ගයියා විසිනි.

අවසාන තරගයෙන් Mrs Empowerment queen tittle එකද දිනාගනිමින් සියලු රටවල් වල තරගකාරියන් සැම අභිබවා 3rd runners up ස්ථානය ශ්‍රීලංකාවට හිමි කරදීමට සමත්විය. මේ ජයග්‍රහණය ලගාකරගැනීමට ඇයගේ පවුලේ අය ඇයට විශාල ශක්තියක් විය. මෙම ක්ශේත්‍රයේ අයගෙන් නම් ඇයට ලැබෙන්නේ ඉතා අඩු ප්‍රතිචාර බවයි ඇය පැවසුවේ.

සෑමතැන ඊර්ෂ්‍යාව රජ කලත් ඒ් අතරින් ඇය ගැන නොඅඩුව සොයා බලා උදව් කීරිමට Rozelle plunkett, Rozanne Diaz, Nilu Senanayake, Koshi edirisuriy, Harshani mudi සහ Geraldine Rozairo යන අය ඉදිරිපත් විය. එලෙසම කවදත් ජයග්‍රහණය කනුව කරා ගෙන යන්න පුහුනුවිම් කරවන Madu Nilanjan Daminda සහෝදරයාගෙන් ඇය හට විශාල සහයෝගයක් ලැබුනි. මෙවර ඇය ලස්සනට හැඩගන්වන්නේ කේශේත්‍රයේ ප්‍රසිද්ධ රෑපලාවන්‍ය ශිල්පී පරාක්‍රම දිමිත්‍රි විසිනි. මෙවර ඇයට ඇදුම් නිර්මාණය කලේ Kanishka Sagabo Dias වන අතර ඇයට නිවේදනයෙන් දායක වූයේ Thanuj Hemantha යි. ඇගේ Video කටයුතු කිරිම සදහා සහාය දුන් salon Hannah ටද ඇය තම ස්තුතිය පල කරයි.

මේ ගමනේ පුදුමයට කරුණ වන්නේ සාමාන්‍ය අවස්ථාවන් වලදී ලංකාවෙන් කවුරු ගියත් ඒ යන කෙනා පිටිපස National director කෙනෙක් හෝ සිටින අතර ඇය මෙවර සිට ගන්නේ සියලු දේ තනියම කර ගනිමින්ය. තම පවුල සහෝදරියන් දෙමාපියන් සැමියා තරම් වටිනා සම්පතක් මෙලොව තවත් නොමැති අතර ඇයට ලැබුන ලොකුම සම්පත සහ ශක්තිය බව ඇය අපට පැවසුවාය.

දහස් කන්ඩායම් හමුවේ ජයලබන ගොඩාක් දේවල් අතරින් තනියම සියල්ල ජයග්‍රහණය කරා ගෙනෙමින් තවත් රට බබලන්නට ඇයට ඇති ශක්තිය ගැන අපි සැබැවින්ම ස්තුති කලයුතු වන්නේය. ඉතින් මේ නිර්භිත චරිතයට තව තවත් ජයග්‍රහණ අප රටවෙනුවෙන් ගෙන ඒමට අපි හදවතින්ම සුබ පතමු එක් කරමු.

https://youtu.be/O7lbaFl1VeM
WhatsApp Image 2021 03 22 at 12.21.42
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?