ලොව නවීනතම පරීක්ෂණය හරහා ශ්‍රී ලංකාව ගැබ්ගෙල පිළිකා තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයට මුල පුරයි

ගැබ්ගෙල පිළිකාව මෙරට සීඝ්‍රයෙන් ව්‍යාප්තවන දෙවන සුලභ පිළිකාව බවට සමීක්ෂණයකින් හෙලිවී තිබෙනවා.

එය වසරකට වාර්තාවන රෝගීන් ගණනෙන් 1407 ක් පමණ වන බව ගනණය කර ඇති අතර ගැබ්ගෙල පිළිකාව නිසා වසරකට දිවි අහිමිවන පිරිස 780ක් පමණ වන බවට සොයාගෙන තිබෙනවා.

මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මෙම රෝග ව්‍යාප්තිය නොසලකා සිටියහොත් මෙරට තුළ 2070 වන විට මරණ 58,754ක් හා 2120 වනවිට මරණ 115,137 වන බව පුරෝකථනය කර තිබීමයි.

ගැබ්ගෙල පිළිකා හදුනාගැනීමේ හා එය තුරන් කිරීමේ සමීක්ෂණයේ පළමු නියමු ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් සිදුකර ඇති අතර මෙම සමීක්ශණය හරහා අනාවරණය වූ කරුණු පිළිබඳ සාකච්ජා කිරීම සඳහා මාතෲ හා ළමාරෝග පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා, ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය රමණී පුංචිහේවා, සර්වාංග විශේෂඥ වෛද්‍ය ප්‍රජා උපදේශක හා උැකක උදපැබ වැඩසටහනේ ජාතික වැඩසටහන් කළමනාකරණ වෛද්‍ය ජේ පද්මක සිල්වා සහ රොටරි සමාජයේ ගැබ්ගෙල පිළිකා තුරන් කිරීමේ ව්‍යාපෘතියේ සභාපතිනී නිර්මලී සමරතුංග, ඍදජයැ ෘස්ටබදිඑසජි ෂබාස් ) භැසටයඉදර ඵ්රනැඑි හි වෛද්‍ය විද්‍යාත්මක හා නියාමනය පිළිබඳ ප්‍රධානී වෛද්‍ය සංදීප් සෙව්ලිකාර් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්විණි.

එහිදී ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සාකච්ජාවට බදුන් කළ අතර එම සමීක්ෂණය සඳහා කලුතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 35 හා 45 දක්වා වයසේ පසුවන කාන්තාවන් සහභාගී කර ගන්නා ලදී.

එම සමීක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක හා අරමුණුවලට අදාළව සෞඛ්‍ය කාර්යාංශය විසින් සිදුකර තිබෙනවා.

කළුතර සිදුකරන ලද ව්‍යාපෘතියේ ප්‍රධාන හදුනාගැනීම්,

1/ සංසන්දනාත්මක විශ්ලේෂණයන් මගින් සොයා ගත් කරුණු අනුව අවුරුදු 35 සිට 45 දක්වා විවාහක කාන්තාවන් උදෙසා වඩාත් ඵලදායි හා සාර්ථකම සොයා ගැනීමේ හැකියාව සහිත පරීක්ෂණයන් වන්නේ Pap smear LBC හා HPV DNA වැනි පිළිකා කලින් හදුනා ගැනීමේ ක්‍රමවේදයන් බව තහවරු කර ගන්න ලදී.

2/ සෙසු පර්යේෂණයන්ට වඩා HPV හා DNA කලින් හදුනාගැනීමේ ක්‍රමවේදය ගැබ් ගෙල , Cervical
Intraepithelial Neoplasia (CIN) හදුනාගැනීමේ අනුපාතය ඉහළ මට්ටමක පවතින බව සොයා ගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ, සෑම අවුරුදු 5 කට 10 කට වරක් නිරතුරුව මෙම හදුනාගැනීමෙි ප්‍රාථමික පර්යේෂණයන්ට ලක්කිරීම මඟින් ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි. එය HPV- DNA පර්යේෂයණය මඟින් ඕනෑම කාන්තාවකට ගැබ්ගෙල පිළිකා මාරයාගෙන් ගැලවීමට මංපෙත් විවර වෙයි.

රොටරි සමාජයේ මූලිකත්වයෙන් දීපව්‍යාප්තව සිදුකරන ගැබ්ගෙල පිළිකා කලින් හදුනා ගැනීමේ ප්‍රවේශයන් පුළුල් කිරීමත් ඒ සඳහා පහසුකම් සැපයීමට මෙන්ම දනුම්වත් කිරීමේ වැඩසටහන් රට පුරා සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට රොටරි සමාජය දෑත් දිගුකර ඇති බව එහි සභාපතිනී නිර්මලී සමරතුංග මහත්මිය කියා සිටියා.

වෛද්‍ය චිත්‍රමාලී මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ, “ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සිදු කරන Well
Women වැඩසටහන හරහා දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සිදුකරන බවත්, ඒ හරහා ප්‍රජාවගේ දැනුම්වත් භාවය වර්ධනීය තලයකට ඔසවා තැබීමෙන් මෙරට ගැබ්ගෙල් පිළිකා පිළිබඳ දැනුම්වත් භාවය ඇති කිරීම මගින් එය තුරන් කිරීමට ඉවහල් විය හැකි සමාජ කතිකාවතක් ගොඩ නැංවීමට අවශ්‍ය පසුබිම සැකසෙන බවයි. එමෙන්ම HPV- DNA පරීක්ෂාව මගින් වඩා නිවැරදිව හා සාර්ථකව පිළිකාව හඳුනාගැනීමට ඉඩ ප්‍රස්තාව විවරවන බවයි. එය ලක් රජය ගෙන ඇති ඉදිරි පියවරක් ලෙස පෙන්වා දිය හැකි බවත් වැඩි දුරටත් පැවසුවාය.

වෛද්‍ය පද්මක ද සිල්වා මහතා කියා සිටියේ එන්නත් කිරීම් හා රෝග නීර්ණය කිරීමේ මූලික පර්යේෂණ හරහා ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම සඳහා සැලකිවයුතු ප්‍රගතියක් අත්කර ගැනීම අපගේ අරමුණයි. පළාත් නවයම ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය ඒකක 354 ක, Well Women මධ්‍යස්ථාන 1000 ක පුළුල් ජාලය හරහා ගැබ්ගෙල පිළිකා කලින් හදුනාගැනීම සැලකිව යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.

වෛද්‍ය සංදීප් සෙව්ලිකාර් මහතා අවසාන වශයෙන් අදහස් දැක්වීමට එක්වෙමින් කියා සිටියේ මෙරට ගැබ්ගෙල පිළිකාව මර්ධනය කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සුබවාදී හා කෘතවේදී මනසකින් ඒ දෙස බැලිය හැකි බවත්, මෙම මාරාන්තික පිළිකාව තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙනයන උපායමාර්ගික සැලසුම් අගය කල යුතු බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු සියලුම සෞඛ්‍ය අංශයට ස්තූතිවන්ත වනවා, මෙම වලකාගත හැකි පිළිකා තත්ත්වය ජය ගැනීමට එය ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති HPV පර්යේෂණය මගින් මෙරට කාන්තාවන් සවිබල ගන්වමින්, ගැබ්ගෙල පිළිකා මාරයා පරාද කරන්නට සමස්ත ජාතියටම අවස්ථාව උදාවනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27