ලොව දිගම කොණ්ඩය කැපි ගිය හැටි මෙන්න

ලොව දීර්ඝතම වරලසෙහි හිමිකාරීත්වය දරණ තරුණියක වන නිලන්ෂි චටේල් සිය කොණ්ඩය කපා දැමීමට තීරණය කර තිබෙනවා.

ඇය දිගම කොණ්ඩයට හිමිකාරිය ලෙස ගිනස් වාර්තාවට ඇතුළත් වූයේ පසුගිය 2018 වසරේදීයි.

ඒ වනවිට ඇයගේ කොණ්ඩෙහි දිග ලෙස දැක්වුණේ, සෙන්ටිමීටර් 170.5ක්.

ඇයගේ වයස 18ක් වනවිට එහි දිග සෙන්ටිමීටර් 200 දක්වා වර්ධනයවී තිබු බව ද සඳහන්.

මේ වනවිට ඇය විසින් එම කොණ්ඩය කපා එය කෞතුකාගාරයක් වෙත ලබාදීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන මුදල් සමාජ සේවා ක්‍රියාවන් යෙදවීමට නියමිත බව ද සඳහන්.