ලොවෙන් තුරන් කළ ඉතාමත් බිහිසුණු මාරක වෛරසයක් නැවතත් හමුවෙයි

වසූරිය වයිරසයේ විෂබීජ අඩංගු වයිරස කුප්පි 15 ක් ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ මොන්ටිගොමරි ප්‍රාන්තයේ ඖෂධ සමාගමකින් හමුවීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇත. වසූරිය යනු එන්නත්කරණය මගින් ලොවෙන් තුරන් කළ ඉතාමත් බිහිසුණු මාරක වයිරසයකි.

‘වසූරිය’ (Smallpox) වයිරසය හැඳින්වෙන්නේ ‘වැරියෝලා’ යනුවෙනි. ලොවෙන් මුළුමනින්ම තුරන් කර දැමීමෙන් පසු වසූරිය වයිරස සම්පල ඇත්තේ ලෝකයේ ස්ථාන දෙකක පමණි. වයිරස සාම්පල ඇති එක් ස්ථානයක් වන්නේ, ඇමෙරිකාවේ ඇට්ලැන්ටා නුවර ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ආයතන මූලස්ථානයයි. අනෙක් ස්ථානය, රුසියාවේ කේල්ට්ස්වෝ හි ‘වෙක්තෝර්’ අධි ආරක්ෂිත පර්යේෂණාගාරයයි.

මෙම ස්ථාන දෙක හැර ලොව වෙනත් කිසිදු ස්ථානයක ‘වසූරිය’ වයිරස සාම්පල නොමැති බව පැවැසෙයි. මොන්ටිගොමරි ප්‍රාන්තයේ ඖෂධ සමාගමක පර්යේෂණාගාරයකින් වයිරස කුප්පි හමුවීම ආන්දෝලනයක් ඇති කළේ මේ නිසාය. එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකානු මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

1900 දශකයේ ‘වසූරිය’ ලෝක ජනගහනයෙන් මිලියන 30 ක් බිලිගත්තේය. මානව වර්ගයාට හදි කළ බිහිසුණුම වයිරසය ලෙස වසූරිය අවිවාදයෙන් සැලකිය හැකිය. සාර්ථකව එන්නතක් සොයා ගනිමින් වසූරිය මුළුමනින්ම ලොවෙන් තුරන් කිරීමට සමත් වීම මානව වර්ගයා ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව පැවැසෙයි.

‘වසූරිය’ (Smallpox) යන ලේබලය සහිත කුප්පි 5 ක් ද ‘වැරියෝලා’ යන නම සඳහන් කුප්පි 10 ක් ද මොන්ටිගොමරි ප්‍රාන්තයේ එම පර්යේෂණාගාරයේ අධි ශීතකරණ කුටියේ තිබී හමුවී ඇත්තේ පර්යේෂණාගාරයේ සේවකයකුටය. එම සේවකයා වයිරස කුප්පි සොයා ගන්නා අවස්ථාවේදී මුළු සිරුරම වැසෙන ලෙස ආරක්ෂිත ඇඳුමින් සැරසී සිටි බව පැවැසෙයි. ඊට අමතරව, පර්යේෂණාගාරයේ ‘වසූරිය’ වයිරස කාන්දුවක් සිදුවී නොමැති බවත් එෆ්.බී.අයි. කාර්යාංශය තහවුරු කර ඇත.

වයිරස සාම්පල අඩංගු කුප්පි හමුවී ඇත්තේ ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සම්ගමක් ලෙස සැලකෙන ‘මර්ක්’ ඖෂධ සමාගමට අයත් ඖෂධ පර්යේෂණාගාරයකිනි. ‘මර්ක්’ සමාගෙම් ප්‍රධානීන්ගෙන් ද මේ වනවිට ප්‍රශ්න කෙරෙමින් පවතින බව ඇමෙරිකන් මාධ්‍ය පවසා තිබේ.

(ඩේලිමේල්)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14