ලොවම කතා කරන පැරෂුට් අනතුරේ ඇත්ත නැත්ත

විනෝදයට කරන ඇතැම් දේවල් විපතකින් කෙළවර වෙන අවස්ථා දකින්න ලැබෙනවා. ඒ වගේ විනෝදයට සැමියා හා බිරිඳ පැරෂුට් එකකින් ඉහළට යද්දී අකරතැබ්බයකට මුහුණ දුන් බිය ජනක අවස්ථාවක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙනවා. 30 හැවිරිදි Ajit Kathad හා 31 හැවිරිදි Sarla Kathad තමයි මේ අනතුරට මුහුණ දෙන්නේ.

පැරෂුට් එක පොළොවෙන් ඉහළට අඩි දෙසීයක් තුන්සියයක් පමණ යද්දී ඇසිපිය හෙලන සැණින් පැරෂුට් එකේ කඹය කඩාගෙන ඒ දෙපළ අනතුරකට ලක් වෙනවා. මුහුදෙන් ඉහළ අහසේ බොහෝ දුරක් ගොස් පාවෙමින් බිමට පතිත වුවත් ඒ සැණින් ඔවුන්ගේ ජිවිත බේරා ගැනීමට බෝට්ටුවකින් පිරිසක් ගමන් කර තිබෙනවා.එහි වීඩියෝව මේ වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සැරිසරනවා . ඔවුන් පැරෂුට් එකේ යන ආකාරය වීඩියෝ ගත කරමින් සිට තිබෙන්නේ සහෝදරයෙක්. ඔහු මාධ්‍යට මෙසේ පවසා තිබෙනවා. 

“අයියයි නෑනයි පැරෂුට් එකේ ඉහළට යද්දී එක පාරටම කඹය කඩාගෙන ගියා, එයාලා කෑගහන සද්දේ ඇහුණා, ජීවිතාරක්ෂක කබායක් ඇදගෙන හිටපු නිසා අපි හැමෝම හිත හදාගත්තා, ඔවුන්ගේ ජිවිතයට හානියක් වෙන්නේ නැති වෙයි කියලා. කඹය කඩාගෙන යනවත් එක්කම බෝට්ටුවකින් පිරිසක් ඔවුන් ඇදීගෙන ගිය දිසාවට ගොස් ජිවිතේ බේරා ගත්තා. සුළගේ වේගය වැඩි නිසයි කඹය කැඩිලා තියෙන්නේ. තුවලයක්වත් නැතුව ජිවිතේ බේරා ගන්න ඒ දෙන්නා වාසනාවන්ත වුණා. නමුත් දෙන්නම දැඩි කම්පනයෙන් පසු වුණා. අක්කට ටික වෙලාවක් යනකල් කතා කරන්න බැරි වුනා. අදාල ආයතනය ගැන අයියා පැමිණිල්ලක් දාන්න පොලිසියට ගියත් පැමිණිල්ලක් නොදා නැවත ආවා. පවුලේ අය කම්පනයෙන් පසුවූ නිසා..” යැයි සහෝදරයා මාධ්‍යට පවසා තිබෙනවා.

https://youtu.be/UzwxMCWiWzM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42