ලොවම එක මිටකට ගත් වික්සිත් භාරත් අතිසාර්ථකව ගෝල්ෆේස් හි දී

‘වික්සිත් භාරත් ධාවන තරගාවලිය’ පසුගියදා (28) උත්සවශ්‍රීයෙන් කොළඹ ගාලුමුවදොර පිටියේ දී පැවැත්වුණා.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම තරගාවලිය මෙවර ඉන්දීය රජයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින MY භාරත් සහ ඉන්දීය සංස්කෘතික සංගමය එක්ව සංවිධානය කරන ලද බවයි.

එදින ලොව පුරා ස්ථාන 150ක පැවති මෙම වැඩසටහන සැබවින්ම සේවය, ශාරිරික යෝග්‍යතාව සහ තිරසාරභාවය පිළිබඳ ගෝලීය සැමරුමක් ලෙස ප්‍රවර්ධනය කෙරුණා.

මෙම ධාවන තරගය වර්ෂ 2047 වන විට සංවර්ධිත ඉන්දියාවක් හෙවත් ‘වික්සිත් භාරත්’ යන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දැක්ම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරින් මුල් බැසගත් මිත්‍රත්වය සහ හොඳහිත අවධාරණය කරනු ඇති.

කොළඹ පැවති, කිලෝමීටර් 5ක මෙම ධාවන තරගය සඳහා ඉන්දීය ඩයස්පෝරාව, ශ්‍රී ලාංකික පුරවැසියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පදිංචිකරුවන් සහ ඉන්දියාවේ මිතුරන් රැසක් මහත් උද්යෝගයකින් සහභාගී වුණා.

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, සිනමා රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් සහ සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් රැසක් සමඟ ධාවන තරගයට එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05