ලොවට තවත් ව්‍යහසනයක සලකුණු

1980 වසරේ වාර්තාවූ අධික උණුසුම පවතින දින ගණන මේ වනවිට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයන් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ඒ අනුව 1980 – 2009 අතර කාලයේ සෙල්සියස් අංශක පණහ හෝ ඊට ආසන්න උෂ්ණත්වයක් පැවති දින ගණන 14 ක්. 2010 – 2019 අතර කාලයේ එය දින 26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වර්තමානයේ එය දින 40 ක් දක්වා වැඩිවී ඇති බවයි මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ. මීට පෙර මෙවැනි උෂ්ණත්වයක් පැවතුණේ මැදපෙරදිග සහ ගල්ෆ්කලාපයේයි. වර්තමානයේ ඉතාලිය, කැනඩාව ආදී රටවලින්ද සෙල්සියස් අංශක 48 ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තාවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය කාලගුණ වෙනස පිළිබඳ කමිටු වාර්තාවෙන් ද අනාවරණ කෙරුණේ මෙම සියවස අවසානය වනවිට කාලගුණ වෙනසේ බලපෑමෙන් සාගර ජල මට්ටම මීටර් දෙකකින් පමණ ඉහළ ගොස් ලොව දූපත් රාජ්‍ය රැසක් මිහිපිටින් අතුරුදන්වීමේ අවදානමකට ලක්ව ඇති බවයි. පොසිල ඉන්ධන දහනය කිරීම මෙම උෂ්ණත්වය ඉහළ යාමට සියයට සියයක්ම හේතුවී ඇති බව ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ පාරිසරික වෙනස්වීම් ආයතනයේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය ෆෙඩ්රික් ඔටෝ ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46