AFC Banner
Empty Ad
Empty Ad

ලොවක් හඳුනන WWE තරුව ජීවිතය හැරයයි

WWE තරුවක් වන බ්රේ වියට් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

36 හැවිරිදි වියේ පසු වූ බ්රේ වියට් හදිසි හෘදයාබාධයකින් ඊයේ (24) මියගොස් ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

රෙස්ලිං පිටියේ ඔහු බ්රේ වියට් ලෙස හැඳින්වූ ද ‘වින්ඩ්හැම් රොටුන්ඩා’ ඔහුගේ සැබෑ නම වනවා.

ඔහු පසුගිය මාස කිහිපය තුළ අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවක් මත WWE රෙස්ලිං පිටියෙන් ඉවත්ව සිටි බවයි තොරතරු වාර්තා වන්නේ.

මේ අතර මෙම වසර මුල දී බ්රේ වියට් හට කොවිඩ් ආසාදනය වී ඇති බවත් එය ඔහුගේ හදවතේ බරපතල සංකූලතා ඇති කළ බවත් මේ වනවිට තොරතරු අනාවරණය වී තිබෙනවා.

06 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
18
+1
6
+1
8
+1
306
+1
24
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?