ලොවක් වශීකළ තවත් කළු දියමන්තියක්

කැරට් 555.55ක් පමණ බරකින් යුතු කළු දියමන්තියක් වෙන්දේසිය සඳහා ඉදිරිපත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එය නම්කර ඇත්තේ “ද එනිග්මා” නමිනි.

එම වෙන්දේසිය සඳහා ලංසු තැබීම පෙබරවාරි 03 වනදා සිට 09 වනදා දක්වා සිදුකළ හැකි  ඊට ක්‍රිප්ටො මුදල් ද භාවිත කළ හැකිය.
  
වෙන්දේසිය සංවිධානය කරනු ලබන Sotheby’s නම් සමාගම පැවසුවේ වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කළ විශාලතම කළු දියමන්තිය මෙය බවය.

එය 2006 වසරේදී ගිනස් වාර්තා පොතේ සටහන් වූයේ විශාලතම ඔප දමන ලද දියමන්තිය ලෙසය.

මෙම දියමන්තිය පසුගිය සතියේ ඩුබායි නගරයේදී ප්‍රදර්ශනය කළ අතර මෙම සතිය තුළ බෙවර්ලි හිල්ස් හි ප්‍රදර්ශනයට තබා ඇත.

අනතුරුව එය වෙන්දේසිය සඳහා ලන්ඩන් නගරයට ගෙනයෑමට නියමිතය. 

වෙළෙඳපොළ වාර්තා සඳහන් කර ඇත්තේ මෙම දියමන්තිය සඳහා ඩොලර් මිලියන 4ත් 7ත් අතර මිලකට වෙන්දේසි වෙතැයි අනුමාන කෙරේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47