ලොවක් භීතියට පත් කළ ඉන්දියානු කොරෝනා විකෘති ප්‍රභේදය මට්ටු කරන එන්නත

ඇමෙරිකානු ෆයිසර් කොරෝනා එන්නත ඉන්දියානු කොරෝනා විකෘති ප්‍රභේදයට එරෙහිව ඉහළ ක්‍රියාකාරිත්වයක් දක්වන බව අනාවරණ වී තිබෙනවා.

දැන් ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින දෙවන කොරෝනා රැල්ලට හේතුවී ඇත්තේ සීඝ්‍ර ව්‍යාප්තියක් මෙන්ම රෝගීන් වැඩි පිරිසක් අසාධ්‍ය තත්ත්වයට පත් කරන මෙම නව ප්‍රභේදයයි.

ෆයිසර් සමාගම ප්‍රකාශ කරන්නේ සිය කොරෝනා එන්නත වයස අවුරුදු 12 ඉක්මවූ සියල්ලන් සඳහා සුදුසු වන බවයි.

එමෙන්ම, සිය එන්නත දැන් සෙල්සියස් අංශක 2 ත් 8 ත් අතර සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ ගබඩා කළ හැකි බව ද එමගින් සඳහන් කළා.

ඉන්දියාව ද මේ වනවිට ෆයිසර් කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා සාකච්ඡා පවත්වන අතර, ජූලි මාසයේ සිට ඔක්තෝම්බර් දක්වා එන්නත් මාත්‍රා කෝටි 5 ක් ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.  

සිය එන්නත සඳහා ෆයිසර් සමාගම අපේක්ෂා කරන වන්දි පූර්ණය ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම එන්නත ලබා ගැනීමට පවතින බාධාවයි.

එහෙත්, ඉන්දීය රජය එම කොන්දේසි ඉදිරියේදී ලිහිල් කරනු ඇතැයි අපේක්ෂිතයි. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01