ලොරි රථයක් පාපැදිකරුවෙක් මතට පෙරළී හිරිවල දී දරුණු අනතුරක්

මීරිගම – පස්යාල මාර්ගයේ හිරිවල ප්‍රදේශයේ දී ඊයේ (05) සිදුවූ අනතුරකින් පාපැදියක ගමන්ගත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පස්යාල දෙස සිට මීරිගම දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී පෙරළී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ ලොරි රථය පෙරළී ඇත්තේ මාර්ගයේ ගමන්ගත් පාපැදිකරුවෙකු මතට බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ලොරි රථය පෙරළීමෙන් බරපතළ තුවාල ලබා සිටි පාපැදිකරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කල්එළිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 60ක පුද්ගලයෙක්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ලොරි රථයේ රියදුරු මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32