spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොරි රථයක් පාපැදිකරුවෙක් මතට පෙරළී හිරිවල දී දරුණු අනතුරක්

මීරිගම – පස්යාල මාර්ගයේ හිරිවල ප්‍රදේශයේ දී ඊයේ (05) සිදුවූ අනතුරකින් පාපැදියක ගමන්ගත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පස්යාල දෙස සිට මීරිගම දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී පෙරළී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ ලොරි රථය පෙරළී ඇත්තේ මාර්ගයේ ගමන්ගත් පාපැදිකරුවෙකු මතට බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ලොරි රථය පෙරළීමෙන් බරපතළ තුවාල ලබා සිටි පාපැදිකරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කල්එළිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 60ක පුද්ගලයෙක්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ලොරි රථයේ රියදුරු මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?