ලොතරැයි මණ්ඩලය ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 5ක් සඳහා සාමූහික අභිලාශ ගිවිසුම් අත්සන් කෙරේ

රාජ්‍ය ව්‍යාපාරවල කාර්යසාධනය,පාලනය,වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සාමූහික අභිලාෂ ගිවිසුම්වලට අත්සන් තැබීම ඊයේ (04) ආරම්භ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ආරම්භක පියවර ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, හලාවත වැවිලි සමාගම හා කුරුණෑගල වැවිලි සමාගම, යන රාජ්‍ය ව්‍යාපාර 5 සඳහා සාමූහික අභිලාශ ගිවිසුම් ඊයේ අමාත්‍යංශයෙදී අත්සන් කළ බව අමාත්‍යවරයා පැවසුවා.

සාමූහික අභිලාෂ ප්‍රකාශය යනු රජයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව එකඟ වූ කාල සීමාව තුළ රාජ්‍ය ව්‍යාපාරයන්හි මෙහෙයුම්, මූල්‍ය හා සේවා සැපයීමේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අත්සන් කරනු ලබන ත්‍රෛපාර්ශවීක ගිවිසුමකි.

පවතින ආර්ථික තත්ත්වය තුළ තව දුරටත් පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම ගැටලු සහගත බවත් අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට වැය කරන මුදලට සමාන මුදලක් පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනුවෙන් රජයට වැය කිරීමට සිදු ව ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44