ලොකු පැටී එළැඹෙන 04 වනදා දක්වා යළි රිමාන්ඩ්

අපරාධ කල්ලි නායක සුජීව රුවන් කුමාර ද සිල්වා (ලොකු පැටී) ව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඔහුගේ රැඳවුම් කාලය අවසන් වීමට පෙර අද අධිකරණයට ඉදිරිපත් කළ අතර ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

පසුගිය මැයි 4 වනදා බෙලරූස් රාජ්‍යයේ සිට ගෙන්වූවා.

චෝදිතයා පිළිබඳ බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයේදී ගිනිඅවි සහ දේපළ සම්බන්ධ වැදගත් තොරතුරු අනාවරණය වී ඇති අතර මුලික රැඳවුම් කාලය අවසන් වීමට තුරු දී මෙම තොරතුරු හෙළිදරව් වී ඇත.

චෝදිතයාට පාතාල කල්ලි කිහිපයකින් තර්ජන එල්ලවී ඇති බවත් සැලකිල්ලට ගනිමින්, අධිකරණය ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය ලබා දී ඇත.

මෙම නියෝගය අනුව ලොකු පැටී නැමැත්තා ඊළඟ 4 වනදා වන තෙක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබෙනු ඇති