ලොක්ඩවුන් කිරීමත් සමග රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පඩි කැපෙයි ද?

රට වසා දමා ඇති කාලය තුළ රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුපෙන් අඩක් ලැබෙන පරිදි වැටුප් කප්පාදුවක් සිදු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (අගෝස්තු 21) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් රට වසා තබන කාලය තුළ අසරණභාවයට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා තම වැටුපෙන් අඩක් පරිත්‍යාග කරන්නට රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ගෙන් ඉල්ලා යෝජනාවක් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කර ඇති බව වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍යවේදියා: එක අමාත්‍යවරයෙක් ප්‍රකාශ කරනවා රජයේ සේවකයොන්ගේ වැටුපෙන් අඩක් අඩු කරනවා රට වහලා තියෙනවා නම් කියලා. එහෙම තීරණයකට රජය පැමිණිලා තියෙනවා ද?

අමාත්‍යවරයා: දැනට එවැනි තීරණයකට පැමිණිලා නෑ. නමුත් අපි ජාතියක් ලෙස රටක් ලෙස දුෂ්කරතාවයට පත් වෙන හැම අවස්ථාවකදී ම ඒ රටේ ජනතාවට ඉතිහාසයේ පුරා ම කැපකිරීම් කරන්න සිද්ධවෙලා තියෙනවා. අපේ රටේ මුහුදු වෙරළෙන් තුනෙන් දෙකක් වෙන්වෙලා යන්න ගිය අවස්ථාවේදී උතුරු නැගෙනහිර යුද්ධය පවතින කාලයේදී ඉතා විශාල පරිත්‍යාග රටවල් සහ පුද්ගලයන් කළා. මමත් ඒ කාලෙදි මහපො⁣ළොවට නෙවේ අපි වෙනුවෙන් අපි අරමුදලට මගේ පාර්ලිමේන්තු වැටුප පරිත්‍යාග කළා. 

ඒ වගේ දුෂ්කර අවස්ථාවක් නිසා මේ අවස්ථාවේ අපි විතරක් නෙවේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන සභාපතිවරු, පළාත් පාලන ආයතන නියෝජිතයන් මේ රටේ පවතින දැවැන්ත මූල්‍ය අරමුදල හමුවේ යම් යම් පරිත්‍යාගයන් කරනවා කොවිඩ්-19 අරමුදලට. ඉතින් දේශීය විදේශීය එවැනි පරිත්‍යාගයක් කළ හැකි සියලු දෙනාගෙන් ඒ පරිත්‍යාගය බලාපොරොත්තු වන අතර ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමා යෝජනාවක් ලෙස කරලා තිබෙනවා මේ වැටුප්වලින් කොටසක් හරි මේ අවස්ථාවේදී පරිත්‍යාග කළොත් අර අගුලු දැමීම නිසා ඉතා විශාල ලෙස පීඩාවට පත්වෙන අයට යම් සහනයක් සැලසීම සඳහා ඉදිරිපත් වෙන්න හැකි නේද? කියන යෝජනාව ඉදිරිපත් වෙලා තියෙනවා.

මව්බිම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15