ලේ විලක් කළ මාරයෙක් ගැන කියමින් බටලන්දේ වාර්තාව කියැවූ සුනිල් වටගල හඬා වැටෙයි (වීඩියෝ)

1987 බටලන්ද කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසූ පරිදි ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට සම්බන්ධ නොවුණු බවට කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය සහ ඔහු මෙම වසරේ මුල අල් ජසීරා මාධ්‍යයට පැවසූ පරිදි 1987 සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ යැයි කියූ ප්‍රකාශය පරස්පර යැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

1983 ජූලි මස 31 වැනි දින ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය හා නව සමසමාජ පක්ෂය ප්‍රචණ්ඩකාරී පක්ෂයක් යැයි පවසමින් හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන එකී පක්ෂ තහනම් කරන ලද බවත්, එහිදී පක්ෂ නායකයෝ සැඟවුණු අතර සෙසු ක්‍රියාධරියන් ව ආණ්ඩුව විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේවෙතත් 1983 ඔක්තෝම්බර් 08 වැනි දින රෝහණ විජේවීර සහෝදරයා විසින් ජේ.ආර් ජයවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් පැවසුවේ ජාතිවාදී කෝලාහලවට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ලෙසකින් සම්බන්ධ නොවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් වෙනුවෙන් අවසර දෙන ලෙස ඉල්ලූ බව ද සුනිල් වටගල මහතා කියා සිටියා.

රට ලේ විලක් කිරීමට පැමිණි මාරයෙකු පිළිබඳ ව බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ 27 වැනි පිටුවේ ඇති ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී උපුටා දක්වමින් සුනිල් මහතා සංවේදී ව හඬා වැටෙන අයුරු ද අද (10) දක්නට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39