ලේඛක ශක්තික සත්කුමාරගේ නඩුවට උසාවිය දින දෙයි

කිසිදු සාධාරණ හේතුවක් නොමැති ව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් පොලිසිය සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් ශක්තික සත්කුමාර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජූනි මස 7 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 07 වනදා කැඳවන ලෙස‍යි නියෝග කළේ.

පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් මුහුණු පොතේ පළ කරන ලද කෙටි කතාවක අන්තර්ගත කරුණුවලින් ආගමික නොසන්සුන්තාවක් ඇති විය හැකි බවට චෝදනා කරමින් 2019 වසරේ අප්‍රේල් මස 01 වනදා පොල්ගහවෙල පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

ඉන් අනතුරුව තමන්ව නිදහස් කිරීමට කටයුතු කෙරුණු බවත් පෙත්සම්කරු පවසනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමාව කිසිදු පදනමක් නොමැතිව අත්අඩංගුවට ගනු ලැබූ පොල්ගහවෙල පොලීසියේ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. සිරිල්ට එරෙහි ව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන් වැඩිදුරටත් තම පෙත්සමෙන් අයැද සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40