ලෙසෝතෝ රාජ්‍යයයේ ගුවන්විදුලි මාධ්‍යවේදී රලිකොනෙලෝ ජෝකි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ දින නියමයක් නොමැතිව එරට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන ලෙසෝතෝ රාජ්‍යය අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ලෙසතෝ රාජධානිය පුරා සියලුම පුද්ගලයින්ට බලපැවැත්වෙන පරිදි මෙලෙස ඇඳිරි නීතිය පනවා තිබේ. මෙම ඇඳිරි නීතිය පැනවීමත් සමඟ රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා නිවෙස්වලින් බැහැර වීම තහනම් කර තිබේ













