ලෙබනනයේ සාම සාධක කටයුතුවල සිටි නිලධාරීන් 97ක් දිවයිනට (ඡායාරූප)

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ වසරක සේවා කාලය අවසන් කළ, ශ්‍රී ලංකා යුද හමුදා 13 වැනි මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ සාමාජිකයන් 97 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සේවා කාලය නිමා කළ ඔවුන් අද දහවල් 12ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම භට ඛණ්ඩයට නිලධාරීන් 08 දෙනෙකු සහ සෙබළුන් 89ක් අයත්.

අද දහවල් ඉතියෝපියානු ගුවන් සේවයේ ET- 8404 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් පිළිගැනීම සඳහා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙන්ම සෙබළුන්ගේ පවුල්වල ඥාතීන් ද පැමිණ සිටියා.

මෙම භට පිරිස්වල අඩුව පිරවීම සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වන භට ඛණ්ඩය වශයෙන් 125 දෙනෙකු හෙට (02) අලුයම 02ට ලෙබනනය බලා කටුනායක පිටත්ව යන බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් සඳහන් කළේ.

පිටත්ව යන එම භට ඛණ්ඩයට නිලධාරීන් 10 දෙනෙකු සහ සෙබළුන් 115 දෙනෙකු ඇතුළත්.

එම පිරිස අතර කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ සෙබළියන් 08 දෙනෙකු මෙන්ම පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා විශේෂ පුහුණුව ලත් සුනඛයන් කීප දෙනෙකු ද ඇතුළත් වන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මෙම ශ්‍රී ලාංකික භට පිරිස ඉතියෝපියානු ගුවන් සේවයේ ET- 8405 දරන ගුවන් යානයෙන් ලෙබනනය බලා පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14