ලෙජන්ඩ්ස් තරගාවලියේ අර්ජුනට සුවිශේෂි තැනක්

අනිද්දා (20 වැනිදා) සිට ඕමානයේදී පැවැත්වීමට නියමිත ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඒෂියා ලයන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් 1996 ලෝක කුසලාන මෙරටට දිනාදුන් නායක අර්ජුන රණතුංග පත්කර ඇති බවට වාර්තා වේ.

පාකිස්තාන සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙක් සහභාගි වීමට නියමිතය.

ඒ අතර සනත් ජයසූරිය, ටී.එම්. ඩිල්ශාන්, මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කලුවිතාරණ, චමින්ද වාස්, උපුල් තරංග, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස් සහ දිල්හාර ප්‍රනාන්දු ඇතුළත්ව තිබේ.

ඒ සඳහා සහභාගි වීමට නියමිත සනත් ජයසූරිය, අජන්ත මෙන්ඩිස් සහ දිල්හාර ප්‍රනාන්දු හෙට (19 වැනිදා) ඕමානය බලා පිටත්ව යාමට නියමිත අතර සෙසු ක්‍රීඩකයින් මේ වන විටත් ඕමානය බලා පිටත්ව තිබේ.
අදාළ කණ්ඩායමේ නායකයා වශයෙන් හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක මිස්බා උල් හක් කටයුතු කිරීමට නියමිතව ඇත.

කණ්ඩායම් තුනකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට ඒෂියා ලයන්ස් කණ්ඩායමට අමතරව වර්ල්ඩ් ජයන්ට්ස් සහ ඉන්දියා මහරාජාස් යන කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 29 වැනිදා ප.ව. 6.30ට ඕමානයේ අල් අමිරත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29