ලෙජන්ඩ්ස් අවසන් මහා සංග්‍රාමය අද රාත්‍රියේ

2022 රෝඩ් සේෆ්ටි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ඊයේ (30) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ,මෙවර තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14 කින් පරාජයට පත් කරමින්.

ඒ අනුව අද (01) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

රෝඩ් සේෆ්ටි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙය වනවා.

පසුගිය වසරේ පැවති තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, එහිදී ද ප්‍රතිවාදීන් වුණේ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමයි.

එහිදී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත් වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට සිදුවුණේ අනුශූරයින් ලෙස තරගාවලිය අවසන් කරන්නටයි.

මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියාව පරදා ජයගත් ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුකම් ලැබුවා.

අවසන් මහා තරගය අද (01) රාත්‍රී 7.30ට රායිපූර් හිරි ආරම්භවීම නියමිතයි.

අද පැවැත්වෙන අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී පැවැත්වීමට නොහැකි වුවහොත් ජයග්‍රාහකයින් කාසියේ වාසිය උරගා බැලීමකින් පසු තෝරාගැනීම සිදුකරන බවයි සංවිධායකයින් මීට පෙර සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51