ලෙජන්ඩ්ස් අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින් කාසියේ වාසියෙන් තෝරා ගැනීමේ සූදානමක්

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road safety world series තරගවලියේ පළමු අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතර මඟ නවතා දමන්නට ඊයේ (28) සිදු වුණා.

මෙම තරගය සඳහා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සුදුසුකම් ලබා සිටි අතර, පළමුව පන්දුවාර පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 17 වන පන්දුවාරයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

රායිපූර් ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට නො නැවතී ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ විනිසුරුවරුන් තීරණය කළේ තරගය නවතා දමන්නටයි.

ඒ, වනවිට ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 05ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 136ක්.

වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු මෙම තරගය අද (29) පස්වරු 3.30ට යළි ආරම්භ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව අද (29) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන පූර්ව තරගය හෙට (30) දිනය දක්වා කල් දැමීමට සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

දෙවන අවසන් පූර්ව තරගයට සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සුදුසුකම් ලබා සිටිනවා සිටිනවා.

මේ අතර අවසන් පූර්ව තරග දෙක පැවැත්වෙන දිනවල වෙනසක් සිදු වුව ද Road safety world series තරගවලියේ අවසන් මහා තරගය සැලසුම් කළ පරිදි ලබන ඔක්තෝම්බර් 01 වනදා පැවැත්වෙන බවයි සංවිධායකයින් දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් තරගාවලියේ ශූරයින් කාසියේ වාසිය උරගා බැලීමකින් තෝරා ගැනීමට සිදුවන බව සංවිධායකයින් මේ වනවිටත් දැනුම් දී අවසන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27