ලුණු හිඟයට විසඳුම් ලෙස ආනයන ක්‍රියාවලියක් කෙරෙහි කාරක සභාවේ අවධානය

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2025 මැයි 19 දිනැති අංක 2437/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සහ 2025 ජුනි 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව කාරක සභාවට යොමු කරන ලද රෙගුලාසි සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා වූ අතර, එම රෙගුලාසි සඳහා මෙහිදී අනුමැතිය හිමි වුණා.

දේශීය වෙළෙඳපොළ තුළ මේ වන විට පවත්නා ලුණු හිඟය සැලකිල්ලට ගනිමින් ගෘහස්ථ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා අයඩීනීකරණය නොකළ අමු ලුණු සහ ආහාරයට ගත හැකි අයඩීනීකරණය කළ ලුණු (කුඩු කළ සහ කැට ලුණු) ආනයනය කිරීමට අවසර ලබාදීමට මෙම රෙගුලාසි මගින් ඉඩ සලසා තිබෙන බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජුනි 24 වන දින පාර්ලිමේන්තුවේ දී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
රැස්වූ අවස්ථාවේ දී මෙම කරුණු සාකච්ඡා වුණා.

වාහන ආනයන සම්බන්ධයෙන් පවත්නා ගැටලු පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එම සාකච්ඡාව සඳහා සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය
(CMTA) ඇතුලු ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගම් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

වාහන සම්බන්ධයෙන් අය වන බදු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර ලියාපදිංචි නොකළ සහ සහ කෙටි දුර ප්‍රමාණයන් ධාවනය කර ඇති වාහන වෙනුවෙන් අයකරනු ලබන එකතු කළ අගය මත බද්දේ (VAT ) අදායම නිසියාකාරව ලබා ගැනීම සහ එම බදු අයකිරීම් සමබරතාවය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා.

මෙම රැස්වීමට අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න,
හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීන් එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46