පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට, ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය වෙත ලබා දී තිබෙනවා.
ඒ, අනුව මේ සම්බන්ධයෙන් වහාම සොයාබලා පිළියම් යෙදීමට කටයුතු කරන බවයි වෙළෙඳ අමාත්‍යංශය සඳහන් සඳහන් කළේ.
මේ අතර ලුණු ආනයනය කිරීමට සමාගම් ආණ්ඩුවෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ලුණු නිෂ්පාදනයේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පෙන්වා දෙමින් අදාළ මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි වරට වන්නේ.
කෙසේ වෙතත් වෙළඳ අමාත්‍යවරයා පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.














කාලකන්නි නිෂ්පාදනය අඩුයිනම් ඒවට කරන්න ඕන දේවල් කරල ලංකාව ඇතුලත අපිට හදාගන්න පුලුවන් දේවලට මූලිකත්වය දීපල්ලා නැත්තන් උබලත් පරන සිස්ටම් ඒකේම මේ රට විනාසය කරාම ගෙනියන එකයි කරන්නෙ අනික රජය හොයල බලන්න ඕන අහාරවල ගුනාත්මක බාවය පහුගිය කාලෙම කෑවේ මිනිස්සුන්ගෙ සෞඛ්‍යයට අහිතකර කෑම මේවා ගැන මිනිස්සු අහන්න කලින් අදාල අය මේදේවල් ප්‍රසිද්ද කරනවනම් වඩා හොදයි