spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලුංගි න්ගිඩිට 2024 IPL තරගාවලිය අහිමිව යයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භවීමටත් පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නව පසුබෑමකට මුහුණ දී සිටිනවා.

ඒ, ඔවුන්ගේ වේග පන්දු බලඇණියේ ප්‍රබලතම සාමාජිකයෙක් වූ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ලුංගි න්ගිඩි 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන්.

ආබාධයක් හේතුවෙන් ලුංගි න්ගිඩි මෙලෙස අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඔහුට මෙලෙස තරගවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජේක් ෆ්‍රේසර්-මැක්ගුර්ක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක්කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලුංගි න්ගිඩිගේ ඉවත්වීමට දිනකට පෙර එංගලන්ත සුපිරි පිතිකරුවෙක් වන හැරී බෘක් ද මෙවර තරගාවලිය වෙනුවෙන් එක නොවන බවට තහවුරු කළා.

ඔහු ද මෙවර තරගාවලිය වෙනුවෙන් මිල දී ගෙන තිබුණේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?