ලීග් තරගවලට මුල් තැන දුන් ඇෆ්ගන් ක්‍රීඩකයින් තිදෙනෙකුට සම්බාධක

ෆ්‍රැන්චයිස් ලීග් තරගවලට මුල්තැන ලබාදීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකුට සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ මෙම ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම සහභාගීවන තරගවලට වඩා ෆ්‍රැන්චයිස් ලීග් තරගවලට මුල්තැන ලබාදෙන බවයි.

දඟ පන්දු යවන ක්‍රීඩක මුජිබ් උර් රහමන්, වේග පන්දු යවන ක්‍රීඩකන් වන ෆසල්හක් ෆරූකි සහ නවීන් උල් හක්ට මෙලෙස
මෙලෙස සම්බාධක පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් මෙම ක්‍රීඩකයින්ට එළඹෙන වසරේ වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබාදීම ප්‍රමාද කිරීම සහ ඉදිරි වසර 02ක කාලය තුළ විදේශිය ලීග් තරග සදහා අවසර ලබානොදීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණයත් සමඟ මෙම ක්‍රීඩකයින් තිදෙනාට 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමිව යනවා.

එළඹෙන අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් මුජිබ් උර් රහමන් කොල්කටා නයිට්රයිරස් කණ්ඩායම විසිනුත්, ෆසල්හක් ෆරූකි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසිනුත්, නවීන් උල් හක් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසිනුත් තෝරාගෙන තිබෙනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ තරුණියක් ජනපතිව සැරටම අමතයි - අනුරට ඕන ඕන විදිහට කරන්න දෙන්නේ නෑ
09:11
Video thumbnail
ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, අලුත් ව්‍යවස්ථාවක්ම හදන්න
02:15
Video thumbnail
එදා චාමර සහ අද චාමර - GL ගැන කිව්ව කතා
00:59
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21