ලිපිකාරිනියක් සිප වැළඳ ගැනීමේ චෝදනාවට කළමනාකරු හත්වසක් සිර ගෙට

පුද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිනියක් සිප වැළඳ ගැනීමේ චෝදනාවෙන් ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබූ එම සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයාට අභියාචනාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 07 ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරු විසින් අගතියට පත් තැනැත්තියට රුපියල් 750,000ක වන්දියක් ගෙවිය යුතු බවත් සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිකුත් කළ නියෝගයේ සඳහන්.

එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතර ව වසරක සිර දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වුණා.

මෙම නඩුවේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය දුන් තීන්දුවට එරෙහි ව අගතියට පත් තැනැත්තිය විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුවයි විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහි ව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2015 වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළා.

විත්තිකරුට එරෙහි ව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොතිබීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කරන බවත් මහාධිකරණ තීන්දුවේ සඳහන්.

එම මහාධිකරණ තීන්දුවෙන් අතෘප්තියට පත් අගතියට පත් තැනැත්තිය විසින් ඉදිරිපත් කළ අභියාචනයක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ විත්තිකරුට එරෙහි ව ඉදිරිපත් වූ සාක්ෂිවලින් ඔහුට එරෙහිව එල්ල කෙරුණු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව අදාළ දඬුවම වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය විසින් ත්‍රිකුණාමලය මහාධිකරණයට කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14