ලිඳුල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසෝක සේපාල ශරීර ඇප මත නිදහස්

දූෂණ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (11) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තලවකැලේ – ලිඳුල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසෝක සේපාල මහතා රුපියල් මිලියන 02 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

විත්තිකරුට අදාළ නියෝගය ලබාදෙනු ලැබුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින්.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා කළ කරුණු දැක්වීම සලකා බලමින් විනිසුරුවරිය එකී නියෝගය නිකුත් කළා.

එකී ප්‍රාදේශීය සභාවට අයත් මස් අලෙවි සැලක් බදු දීමේ දී වැඩිම ලංසුවට ඉදිරිපත් වූ තැනැත්තාට ටෙන්ඩරය ලබා නොදී, අඩුම ලංසුව ඉදිරිපත් කළ අයෙකුට ටෙන්ඩරය ලබා දී රජයට පාඩු කිරීමේ චෝදනාවටයි අසෝක සේපාල මහතාව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14