ලිඳට වැටුණු දරුවා බේරාගැනීමට දින දෙකක් තිස්සේ මෙහෙයුම්

මොරොක්කෝවේ පිහිටි අඩි 100ක පමණ ගැඹුරු ලිඳකට ඇද වැටුණු දරුවෙකු ගොඩගැනීම සඳහා මේ වනවිට විශාල මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

5 හැවිරිදි වියේ පසුවන රයන් නමැති කුඩා පිරිමි දරුවෙකු මෙලෙස ලිඳකට වැටී ඇති අතර මීටර් 32කට ආසන්න දුරකින් මෙම දරුවා රැඳී සිටින බවට මේ වනවිට තොරතුරු හෙළිදරව් වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබන්නේ දරුවා බේරාගැනීම සඳහා එරට බලධාරීන් විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි. දරුවා බේරාගැනීමට මේ වන විට දින දෙකක පමණ කාලයක් මෙහෙයුම් සිදුකර ඇත.

එම මෙහෙයුම මේ වන විට අවසාන අදියරට ළගා වෙමින් පවතින අතර දරුවා ඉදිරි පැය කිහිපය තුළ මුදා ගැනීමට හැකිවනු ඇති බවට බළධාරීන් විශ්වාසය පළකරයි.

දරුවා මුදා ගැනීමෙන් අනතුරුව ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සදහා වෛද්‍ය කණ්ඩායම් මෙන්ම ඔහු කඩිනමින් රෝහල් ගත කිරීම සදහා හෙලිකොප්ටර් යානයක් ද අදාළ ස්ථානයට ගෙන්වා ඇති බව සදහන් වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26