ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් සිදුකළ ඉල්ලීම

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් පිරවුම් සහ බෙදාහැරීමේ කටයුතු දෛනික අවශ්‍යතාවටත් වඩා වැඩියෙන් සිදුකරමින් යථා තත්වයට පත්කර ඇති බවත් ගෘහස්ථ සහ වාණිජ වෙළෙඳපොළ අවශ්‍යතාවයට සරිලන ගෑස් තොග එම සමාගස සතුව ඇති බවත් එම සමාගමේ වෙළෙඳ ජාල සංවර්ධන සහ ව්‍යාපාර සන්නිවේදන අංශය අද නිවේදනය කර සිටියා.

එම සමාගම පසුගිය දින දෙක තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 220,000 ක් වෙළෙඳපොළට සපයා ඇති බවත් දිනකට සිලින්ඩර 90,000 – 100,000 ක අතර උපරිමයක් දක්වා ලබාදීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම සමාගම පැවසුවේ.

පාරිභෝගිකයන් සතු අමතර ගෑස් සිලින්ඩරවලට ගෑස් ලබාගැනීමට යොමුවීමෙන් අධික ඉල්ලීමක් නිර්මාණය වී ඇති බවත් නියමිත මිල යටතේ දෛනික අවශ්‍යතා සඳහා පමණක් ගෑස් මිලදීගන්නා ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ලිට්‍රෝ සමාගම පවසනවා.

යම් පුද්ගලයෙක් නියමිත මිලට වඩා වැඩි මිලට ගෑස් අළෙවි කරන්නේ නම් 1311 ක්ෂණික දුරකථන අංකයට අමතා ලිට්‍රෝ සමාගම දැනුවත් කළ යුතු බව ද ලිට්‍රෝ සමාගමේ වෙළෙඳ ජාල සංවර්ධන සහ ව්‍යාපාර සන්නිවේදන ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනී චමනි පතිරගේ සඳහන් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53