spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් සිදුකළ ඉල්ලීම

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් පිරවුම් සහ බෙදාහැරීමේ කටයුතු දෛනික අවශ්‍යතාවටත් වඩා වැඩියෙන් සිදුකරමින් යථා තත්වයට පත්කර ඇති බවත් ගෘහස්ථ සහ වාණිජ වෙළෙඳපොළ අවශ්‍යතාවයට සරිලන ගෑස් තොග එම සමාගස සතුව ඇති බවත් එම සමාගමේ වෙළෙඳ ජාල සංවර්ධන සහ ව්‍යාපාර සන්නිවේදන අංශය අද නිවේදනය කර සිටියා.

එම සමාගම පසුගිය දින දෙක තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 220,000 ක් වෙළෙඳපොළට සපයා ඇති බවත් දිනකට සිලින්ඩර 90,000 – 100,000 ක අතර උපරිමයක් දක්වා ලබාදීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම සමාගම පැවසුවේ.

පාරිභෝගිකයන් සතු අමතර ගෑස් සිලින්ඩරවලට ගෑස් ලබාගැනීමට යොමුවීමෙන් අධික ඉල්ලීමක් නිර්මාණය වී ඇති බවත් නියමිත මිල යටතේ දෛනික අවශ්‍යතා සඳහා පමණක් ගෑස් මිලදීගන්නා ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ලිට්‍රෝ සමාගම පවසනවා.

යම් පුද්ගලයෙක් නියමිත මිලට වඩා වැඩි මිලට ගෑස් අළෙවි කරන්නේ නම් 1311 ක්ෂණික දුරකථන අංකයට අමතා ලිට්‍රෝ සමාගම දැනුවත් කළ යුතු බව ද ලිට්‍රෝ සමාගමේ වෙළෙඳ ජාල සංවර්ධන සහ ව්‍යාපාර සන්නිවේදන ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනී චමනි පතිරගේ සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?