spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ සමාගමට නව ගෑස් පිරවුම් පර්යන්තයක්

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් අද (07) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.

රුපියල් බිලියනයකට වඩා වැඩි පිරිවැයක් දරමින් ඉදිකළ මෙම නව ගෑස් පිරවුම් පර්යන්තය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අතින් විවෘත කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම නව ලිට්‍රෝ ගෑස් පිරවුම් පර්යන්තය මඟින් දිනකට සිලින්ඩර් 60,000ක පමණ ධාරිතාවක් ලබාදීමට හැකියාව පවතින බවයි ඔහු පැවසුවේ.

කිසිඳු ණය ලබා ගැනීමකින් තොරව ලිට්‍රෝ සමාගමේ ම මුදල්වලින් මාබිම ප්‍රදේශයේ මෙම නව ගෑස් පිරවුම් පර්යන්තය ඉදිකළ බවයි ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?