ලිට්‍රෝ ගෑස් මිල වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ යෝජනාව අද රැස්වන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ නංවන ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම ඉකුත්දා මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුවයි මුදල් අමාත්‍යංශය විසින් එම ඉල්ලීම අමාත්‍ය මණ්ඩලය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කිරීමේ දී ලිට්රෝ සමාගම රුපියල් 2,000ක පමණ පාඩුවක් ලබන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය ඉකුත්දා ප්‍රකාශ කළේ. එම සමාගමේ ප්‍රචාරණ කළමණාකරු පියල් කොළඹහෙට්ටිගේ පැවසුවේ පවතින තත්ත්වයන් යටතේ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පිරිවැය රුපියල් 4,462ක් පමණ වන බවයි.

ලිට්‍රෝ සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වන විට අලෙවි කරන්නේ රුපියල් 2,675ක මිලකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01