spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 343කින්. එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470ක්.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති බවයි. එහි නව මිල රුපියල් 1,393ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 650ක්.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3,127ක ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1,256 ක ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 587ක මිලකට මෙතෙක් අලෙවි කෙරුණා.

Litro Price List
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
21
+1
12
+1
1
+1
5
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?