ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ සමාගම මඟින් වෙළඳපොළට නිකුත් කරනු ලබන කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145.00 කින් මිල ඉහළ දමා තිබෙනවා.

ඊට අමතරව කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 54.00කින් සහ කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 26.00කින් මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,127ක්.

කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,256ක් වන අතර, කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 587ක් ලෙස දැක්වෙනවා.

මෙම මිල වැඩි කිරීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සභාපතිවරයා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

ලෝක වෙළඳපොළේ පවතින ගෑස් මිලට සාපේක්ෂව මෙම මිල සංශෝධනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වසරේ මේ දකවා කාලය තුළ ගෑස් මිල සංශෝධනය කරනු ලැබූ 06 වන අවස්ථාව මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12