spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිට්රෝ එන්න තව සති 03ක් යයි

ගෑස් බෙදා හැරීම යළි යථා තත්ත්වයට පත්වීමට තවත් සති 3 ක පමණ කාලයක් යනු ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි සභාපති තෙෂාර ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මීට පෙර භාවිත කරන ලද සිලින්ඩර යළි භාර ගැනීමට ක්‍රියා කිරීම නිසා ගෑස් බෙදා හැරීමේ කටයුතු පමා වී ඇති බවයි.

නියමිත ප්‍රමිතියට අනුකූල ලෙස කටයුතු කර තත්ත්ව පාලන පරික්ෂණ සිදුකිරීමේදී ගෑස් සිලින්ඩරවලින් සියයට 30 ක් පමණ ප්‍රතික්ෂේප වන තත්ත්වයක් පවතින බව ද ඔහු සඳහන් කළා.

ඊට අදාළ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ආනයනයට පියවර ගෙන ඇති අතර ඒ අනුව, සති 3 කින් පමණ ලිට්රෝ ගෑස් නිෂ්පාදනය පැවති ධාරිතාවයට ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි ලිට්රෝ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?