spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිටන් දාස් ආසියානු කුසලානයට කැඳවයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තරග ආරම්භයට පෙර ආරම්භක පිතිකරුවෙක් වන ලිටන් දාස් බංග්ලාදේශ කණ්ඩායමට එක්වීමට නිටමිත බව වාර්තා වනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුට මූලික වටයේ තරග සඳහා එක්වීමට අවස්ථාව නොලැබුණු අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය අනුමැතිය හිමිවීමෙන් පසු ඔහු මෙලෙස කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ලිටන් දාස් අද පස්වරුවේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශ තේරීම් කමිටු සභාපති මින්හාජුල් අබේඩින් පැවසුවේ කණ්ඩායමේ ආබාධ ලැයිස්තුව ඉහළ යාමත් සමඟ ලිටන් මෙලෙස කණ්ඩායමට එක් කළ බවයි.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගිය ඉරිදා ලාහෝර්හි දී පැවැති තරගයෙන් ලකුණු 89ක ජයක් ලැබීමෙන් පසු බංගලාදේශය සුපිරි හතර වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?