ලිංගික කටයුතුවලට අලෙවි වූ 15 වියැති දැරිය රෝහල්ගත කරයි

15 හැවිරිදි දැරියක් ලිංගික සේවාවන් සඳහා මුදලට විකිණීමේ සිදුවීම මේවන විට සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

ඇයව මිලට ගත් විවිධ තරාතිරමේ පුද්ගලයින් දිනෙන් දින අත්අඩංගුවට පත්වෙද්දී අදාළ දැරිය රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා.

රෝහල තුළ දී ඇයට කායික ප්‍රතිකාරවලට අමතරව මානසික ප්‍රතිකාර ද ලබා දෙන බවයි පැවසෙන්නේ.

ළමාරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසූවේ දැරියගේ ශාරීරික තුවාළයන්ට වඩා මානසික වශයෙන් හටගෙන ඇති තුවාළ බරපතළ බව යි.

එමෙන්ම මෙම දැරිය මත්ද්‍රව්‍යවලට ද ඇබ්බැහි කරවාගෙන ඇති බව ද ඔහු පවසා සිටියා.

තව ද සමාජ රෝග පිළිබඳ අවදානමක ද ඇය පසුවන බව ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දුන්නා.

මෙවන් පසුබිමක් මත විශාල ගැටළු රැසක අදාළ දැරිය සිටින බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සියළු අංශ මගින් ඇයට මේවන විට සාමූහිකව ප්‍රතිකාර කටයුතු ලබා දෙන බව ද විදානපතිරණ මහතා අනාවරණය කළා.

පොලිස් නිලධාරියෙකුත් සම්බන්ධයි

මෙම සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් පිළිබඳව අනාවරණය වී ඇත්තේ අදාළ දැරියගේ ජංගම දුරකතනයේ දත්ත විශ්ලේෂණය කිරීම මගින්.

විශේෂත්වය වන්නේ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති දෙදෙනාගෙන් එක් අයෙකු උප පොලිස් පරීක්ෂකවරයෙකු වීම යි.

අනෙක් පුද්ගලයා හිටපු බැංකු කළමණාකරුවෙකු වනවා.

එම බැංකු කළමණාකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක්.

උප පොලිස් පරීක්ෂකවරයා සේවය කර ඇත්තේ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනියුක්තව යි.

ඊයේ (11) මෙම දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි දී නියෝග කර ඇත්තේ ඔවුන් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි.

එදින දී අදාළ සැකකරුවන් හඳුණාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

තවත් තොරතුරු සොයයි

මේ අතර දැරියගේ ජංගම දුරකතන දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීමෙහි යෙදෙන  බව පොලීසිය ප්‍රකාශ කළා.

එමගින් වැඩිදුර තොරතුරු ලබාගෙන දැරිය සමග සබඳතා පැවැත්වූ තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලීසිය බලාපොරොත්තුවනවා.

දැනට ඇල්ලූ පිරිස 40ක්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 40ක් පමණ වන අතර සමාජයේ විවිධ තරාතාරමේ පුද්ගලයින් මෙන්ම විවිධ වෘත්තිකයින් ද මේ අතරවනවා.

දේශපාලනඥයෙකු, මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු, වෛද්‍යවරයෙකු, රංගන ශිල්පියෙකු මෙන්ම සංඝයාවහන්සේ නමක් ද මේ අතරට අයත්.

එමෙන්ම මාලදිවයිනේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු ද දැරිය මිලට ගත් පිරිස අතර සිටිනවා.

දැරියගේ මව ද සිය දියණිය විකිණීමට සම්බන්ධ වී ඇති අතර ඇය ද අත්අඩංගුවට ගැණුනා.

මේවන විට ඇය ගැබිණියක් වීම මත ඇයට ඇප ලබා දීමට යි ක්‍රියා කෙරුණේ.

අත්අඩංගුවට පත් නළුවා

පොලීසිය සඳහන් කළේ රංගන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙකු ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බව යි.

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී.

මෙම පුද්ගලයා ද අදාළ දැරිය මුදලට මිලදීගෙන ලිංගික කටයුතු සඳහා යොදාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

අන්තර්ජාලය තුළ පළව තිබූ දැන්වීමක් හරහා මොහු අදාළ දැරිය ඇනවුම් කර ඇති බව සඳහන්.

බම්බලපිටිය හෝටලයක කළමනාකරුවෙකු මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට පත් වූ අතර, මෙම රංගන ශිල්පියාට ද දැරිය සමග ලිංගික කාර්යයන්හි යෙදීම සඳහා හෝටල් කාමරයක් වෙන් කොට දී ඇත්තේ ද එම කළමනාකරු විසින්ම බවට යි පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ අදාළ රංගන / ගායන ශිල්පියා ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යි.

දැරිය මිලට ගත් දොස්තර

මේ අතර දැරිය මිලට ගත් බව කියන නාවික හමුදා ශ​ල්‍ය වෛද්‍යවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ෂන කටයුතු හා අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා මෙම පියවර ගත් බව යි.

ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට නාවික හමුදාපතිවරයා කටයුතු කළ බව ද එහි සඳහන්.

එමෙන්ම අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත නාවික හමුදාපතිවරයාගේ නියෝගයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද පැවැත්වෙන බව යි.

නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් කිසිදු ආයතනයක් වෙත ඇතුළු වීමට ද අදාළ වෛද්‍යවරයාට අවසර හිමි නොවන බව ද ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

දැරිය ලිංගික කටයුතු සඳහා මිලට ගත් බව පැවසෙන අදාළ වෛද්‍යවරයා පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

හිටපු ඇමති

දැරිය මිලට ගෙන ඇය සමග ලිංගික ක්‍රියාවන්හි යෙදුණු මාලදිවයින් ජාතිකයෙකු ද පසුගිය 04 වැනි දා අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළ අතර ඔහු මාලදිවයිනෙහි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු බවට යි මේවන විට අනාවරණය වී ඇත්තේ.

මොහමඩ් අශ්මාලී නමැති 45 හැවිරිදි මොහු එරට රජයේ මුදල් රාජ්‍ය අමාත්‍යධූරය හොබවා ඇති බව යි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු මාලදිවයිනේ ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගමක්වන “Dhiraagu” හි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති බව ද සඳහන්.

ඔහුත් සමග පෙරේදා අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර, අදාළ මාලදිවයින් හිටපු අමාත්‍යවරයාට දැරිය සමග ලිංගිකව හැසිරීම සඳහා නවාතැන් පහසුකම් ලබා දුන් කොළඹ ප්‍රදේශයේ හෝටලයක කලමණාකාරවරයෙකු ද සිටිනවා.

ඊට අමතරව ලිංගික සේවාවන් සඳහා දැරිය අලෙවි කිරීම පිණිස දැන්වීම් පළ කිරීම සඳහා භාවිත කෙරුණු වෙබ් අඩවියක හිමිකරු සහ එහි මූල්‍ය කලමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ද පෙරේදා අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

දැරිය ගැන දැන්වීම් පළ වූ වෙබ් අඩවි හඳුණාගැනේ

මෙම දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීම පිණිස දැන්වීම් පළ කිරීමට යොදාගත් වෙබ් අඩවි හඳුණාගැනීම සඳහා ද පොලීසිය විමර්ශනය කරමින් සිටිනවා.

මේවන විට සිදු කර ඇති විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දැරිය අලෙවි කිරීම සඳහා වෙබ් අඩවි 4ක දැන්වීම් පළ කර ඇති බවට යි.

එම වෙබ්අඩවි කිහිපයක පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර එවැනි තවත් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක යි. 

තවත් පිරිසක් පොලීසියෙන් සොයයි

ලිංගික ක්‍රියා සඳහා අලෙවි වූ මෙම දැරියගේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් හඳුණාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා.

ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විසින් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කර තිබුණේ පසුගිය ජුනි මස 18 වැනි දා යි.

දැරියට ලක්ෂ ගණනක මිලක්

අදාළ දැරිය ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ රඳවාගෙන මෙම ජාවාරම සිදුකර ඇති අතර එම නිවෙස සඳහා මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ගෙවා ඇති කුලී මුදල රුපියල් 65,000ක්.

එම නිවස තුළ දැරිය රඳවා ඇයගේ ඡායාරූප අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ කරමින් සහ සමාජ ජාල ඔස්සේ දැරිය පිළිබඳ දැන්වීම් පළ කරමින් ඇයව මුදලට විකුණා ඇති බව යි පැවසෙන්නේ.

ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන් වෙත දැරිය අළෙවි කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් අය කිරීමට අදාළ පුද්ගලයා ක්‍රියා කර ඇති බව සඳහන්.

විනාඩියකට 1000යි

මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබෙන්නේ මෙම වසරේ (2021) ජනවාරි මාසයේ සිටම මොහු විසින් මෙම ජාවාරම සිදුකර තිබෙන බවයි.

එමෙන්ම දැරිය වෙනුවෙන් අන්තර්ජාලයේ වෙබ් පිටු සකසා ඇති මොහු එය හරහා දැරිය ප්‍රසිද්ධ කර තිබෙනවා.

ලිංගිකව හැසිරීම සඳහා දැරිය අලෙවි කිරීමට අමතරව ඇය නිරුවත් කොට අදාළ වෙබ් පිටුව හරහා ඇයගේ සජීවී දර්ශන වීඩියෝ ඇමතුම් මගින් පෙන්වීමේ ව්‍යාපාරයක් ද මොහු විසින් සිදු කරගෙන ගොස් ඇති අතර එම වීඩියෝ දර්ශන සඳහා විනාඩියකට රුපියල් 1000 බැගින්, විනාඩි 10කට රුපියල් දසදහසක් ලෙස මුදල් අය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරියගේ මව ලක්ෂ 21කට විකිණිලා

මේ අතර වැඩිදුර විමර්ශනවලින් තවදුරටත් හෙළිදරව් වී ඇත්තේ, මෙම නීතිවිරෝධී ව්‍යාපාර සඳහා යොදවාගත් දැරියගේ මව ද මෙලෙසින්ම ලිංගික ජාවාරම් සඳහා යොදා ගැනීමට සැකකරු මීට පෙර ක්‍රියා කර ඇති බවයි.

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියගේ මව මේවන විට 31 හැවිරිදි වියේ පසුවන රූමත් කාන්තාවක් බවත්, සැකකරු විසින් එක් අවස්ථාවක දී ඇයව රුපියල් ලක්ෂ 21කට ධනපතියෙකු වෙත අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා. ආකාරයෙන් අවස්ථා රැසකදී රුපියල් ලක්ෂ ගණනකට විවිධ පුද්ගලයින් වෙත ඇයව ද අළෙවි කොට ඇති බවයි මේවන විට හෙළි වී ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16