ලාෆ්ස් ගෑස් මිලෙත් වෙනසක් නැහැ

මෙම මාසය තුළ ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

ඒ, අනුව එම සමාගම වෙළඳපොළට නිකුත් කරනු ලබන ගෑස් පවතින මිල ගණන් යටතේ ම පාරිභෝගිකයා වෙත ලබාදෙන බව සඳහන්.

මේ අතර ලිට්‍රෝ සමාගම ද මෙම මාසයේ දී ගෑස් මිලේ සංශෝධනයක් නොකර පවතින මිලටම පවත්වාගෙන යාමට අද (02) තීරණය කළා.